කෑගල්ල ප්‍රදේශයේ බූරු පොළකට බූරුගැසීමට අල්ලපු ගමේ පිරිසක් යද්දී බූරු පොළේ සිටි පිරිස මුදල් ද දමා පොලිසියෙන් පැමිණෙන්නේ යැයි පවසා දිව ගොස් ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ තරමක් දුෂ්කර ගම්මානයකි. මෙම ගම්මානයේ පුද්ගලයෙක් තනිවම නිවසේ පදිංචිව සිටියි. මොහු දහවල් කාලයට කුලී වැඩ කරන අතර රාත්‍රි කාලයට පිරිසක් නිවසේ රඳවාගෙන බූරු සෙල්ලම් කර අමතර මුදලක් ද සොයා ගනියි.
මෙම බූරුගැසීම සම්බන්ධයෙන් අල්ලපු ගමේ තරුණයන් පිරිසක් ද මීට දින කිහිපයකට ඉහතදී දැන ගෙන තිබුණි. පසුව තරුණ පිරිසක් එක් වී විදුලි පන්දම් කිහිපයකුත් රැගෙන බූරු පොළට සෙල්ලම් කිරීමට යාමට ගම්මානයෙන් පිටත් වී තිබුණි.
පසුව තරුණ පිරිස කන්ද උඩක පවත්වාගෙන යන බූරු පොළට යන අවස්ථාවේ දී බූරු පොළේ සිටි පුද්ගලයෙක් බූරු ගසමින් සිටි පිරිසට කියා ඇත්තේ පොලිසියෙන් එනවා වගේ ඉක්මනට දුවපල්ලා යනුවෙනි. පසුව බූරු පිටියේ සිටි පිරිස රුපියල් 12000ක මුදල් ද පිටියේ දමා සී සී කඩට දිව ගියහ.
පසුව බූරු පිටිය පවත්වාගෙන ගිය නිවසට ගිය අල්ලපු ගමේ තරුණ පිරිස දැක ඇත්තේ පිටියේ මුදල් තිබුණත් සෙල්ලම් කරන පිරිසක් දැක ගන්න නොමැති බවය. පසුව තරුණයින් කිහිප දෙනෙක් නිවසින් එළියට පැමිණ කතා කරමින් සිටින අවස්ථාවේ දී නිවසින් දිව ගිය තරුණයෙක් අල්ලපු ගමේ තරුණයින්ගේ කට හඬ බවට හඳුනාගෙන ඔහු යළි නිවසට පැමිණ ඇති බවත් වාර්තා වෙයි.
නිවසට පැමිණි තරුණයා අල්ලපු ගමේ තරුණයින්ට කියා ඇත්තේ මිදුලේ සිටි මිතුරෙක් පොලිසියෙන් එනවා කියා කී බවත් පසුව බූරු පිටියේ සිටි පිරිස පොලිසියට බයේ සී සී කඩ දිව ගිය බවත්ය.
පසුව පිටියේ සෙල්ලම් කරමින් සිටි තරුණයා යළි කන්ද උඩට දිව ගොස් සෙසු පිරිස ද ගෙන්වාගෙන යළි බූරු සෙල්ලම් කර ඇති බවත් වාර්තා වෙයි.
කෑගල්ල අධිකරණ
චමින්ද වැවතැන්න
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටෝච් එළියට බියවූ බූරුකාරයෝ පණ එපා කියා දුවලා