(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
නිල කාමරයේ විශේෂ අමුත්තන් සඳහා පනවා ඇති අසුනක කාර්යාලයට පැමිණි තම වැඩිමහල් සොයුරිය අසුන් ගැනීමට උරණව දෝෂාරෝපණය කළ තනතුරෙහි තේජසින් හිස උදුම්මාගත් පරිපාලන නිලධාරිනියක පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය නගරයකින් වාර්තා වේ.

සොයුරු සොයුරියන් පස් හය දෙනකුගෙන් සමන්විත පවුලේ බඩපිස්සිය වූ මෙම කාන්තාව කළු පැහැයකින් යුත් කෙසඟ සිරුරක් ඇති තැනැත්තියක් වූවාය.
අරුමෝසම්වලට දැඩි රුචිකත්වයක් දක්වන ඇය කාර්යාලයට පැමිණෙන්නේ විවාහ මංගල උත්සවයකට යන ආකාරයට විවිධ ඇඳුම් විලාසිතාවලින් සැරසී බව ප්‍රසිද්ධ රහසකි.
කාර්යාලයේ වාහනයෙන් ගමන් බිමන් යාමට දැඩි රුචිකත්වයක් දක්වන ඇය සිය සැමියා සහ දරුවන් පිළිබඳව පම්පෝරි ගැසීමට වැඩි කැමැත්තක් දැක්වූවාය.
විශ්‍රාම යාමට ආසන්න වයසක පසුවන මැය නව යෞවන වියේ තරුණියක ලෙස සමාජයට පෙන්වීමට ප්රයත්න දරන තැනැත්තියක වන අතර ප්‍රභූ පැළැන්තියක කෙනකු බව පෙන්වීමට ඇය නිතරම උත්සාහ ගත්තාය.
නිලධාරිනියගේ වැඩිමහල් සොයුරිය අවශ්‍යතාවක් සපුරා ගැනීමට කාර්යාලයට පැමිණියාය. පැමිණ ඇත්තේ තම ප්‍රධානියාගේ සොයුරිය බව හඳුනාගත් කාර්යාල සේවකයෝ ඇය ප්‍රධානියාගේ නිල කාමරයේ ඇති විශේෂ අමුත්තන් සඳහාවූ අසුනක අසුන් ගන්වා ඇයගේ කාර්ය ඉටුකරමින් සිටියහ.
කාර්යාලයෙන් බැහැරට ගොස් සිටි නිලධාරිනිය පැමිණ නිල කාමරයට ඇතුළුවන විට චීත්ත ගවුමකින් සැරසී තම කාමරයේ අසුන් ගෙන සිටි වැඩිමහල් සොයුරිය දැක කෝපාවිෂ්ඨ වූවාය. ‘ඇයි ඔයා ඔතන වාඩි වුණේ. ඔය ආසන තියෙන්නේ විශේෂ අමුත්තන් සඳහා අසුන් ගැනීමට පමණක්’ යැයි පවසමින් ඇය ගෝරනාඩු කළාය.
හිඳගෙන සිටි තැනින් ක්ෂණිකව නැගිටගත් අක්කා ‘මට සමාවෙන්න නංගි, මම ඒ බව දන්නේ නැහැ’. යනුවෙන් අසරණ ලෙස පැවසුවාය.
‘ඔයා මට මෙතනදි නංගි කියල කියන්න එපා. මේක මගේ කාර්යාලය’ කියා පැවසීම නිසා අක්කාට මෙන්ම කාර්යාලයේ සෙසු අයටද උන්හිටි තැන් අමතක විය. කාර්යාලයෙන් පිටතට පැමිණි ඇය කරගන්නට ගිය කාර්යයද පසෙක ලා නිවෙසට ගියාය.
නිලධාරින් කැඳවා ඔවුනට ද දොස් පැවරීමට නිලධාරිනිය කටයුතු කළ අතර ඇයගේ තරම දන්නා කාර්යාල සේවකයෝ නිහඬව සිටියහ. සිද්ධිය පිළිබඳව විවිධ අයගෙන් දුරකතන ඇමතුම් ලැබීම නිසා දින හතේ නිවාඩුව ලබාගත් නිලධාරිනිය දරුමල්ලන් සමග සැමියාගේ මහගෙදර ගියද සිද්ධිය කාර්යාලය පුරා සහ අවට කාර්යාලවලට කතාව පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අක්කා කන්තෝරුවට ආවාම නංගිට ‘ඩෝං’ ගිහින්
sam Saturday, 02 April 2022 12:39 PM
මේ වගේම තමයි මේ ආණ්ඩුවේ ඉන්න ජනපති, අගමැති, මැති, ඇමැතිවරු කියන අය. මිනිස්සුන්ගේ ඡන්දෙ හිඟාකාලා ඉල්ලගෙන බලයට ඇවිල්ලා, ඊට පස්සේ ඔවුන් මහ ලොක්කෝ කියලා හිතාගෙන ඔවුන්ගේ නූගත්කම විදහාපාන්න ගිහිල්ලා තමයි මේ ආණ්ඩුවත් මේ උද්දච්ච කාන්තාව වගේම අනාගෙන තියෙන්නේ...!
Perera Sunday, 03 April 2022 07:13 PM
ලංකාවේ බොහෝ අයට තියෙන්නේ පුහු මානය විතරයි.