(කඹුරුපිටිය ප්‍රීති ජයවර්ධන)
අම්මාට තාත්තාට අසනීපයක් වූ විට ත්‍රිවිල් රියකින් බෙහෙත් ගැනීමට පිටත් කර හරින පුතකු ගෙදර හදන බල්ලාට බෙහෙත් විදීමට කාර් එකක් කුලියට ගෙන බල්ලා රැගෙන යාමට කටයුතු කිරීමේ අරුම පුදුම පුවතක් දකුණු පළාතේ පිටිසරබඳ ගමකින් වාර්තා වේ.
කුලී වැඩක් කර දුක් මහන්සියෙන් දරුවන් පස් දෙනකු ලොකු මහත් කළ ගුණපාලත් ඔහුගේ බිරිදත් තවමත් ජීවත් වන්නේ කාගෙ හෝ ගෙදරක කුලී වැඩක් කර ලබා ගන්නා සුළු මුදලකිනි. ගුණපාලගේ ලොකු පුතුට මීට ටික කලකට පෙර නගරයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් ලැබිණි.
හොර බොරු වංචා නැති අවංක තරුණයකු වූ ඔහුට කෙටි කාලයක් තුළම ආයතන ප්‍රධානියාගේ සිත් දිනා ගැනීමට හැකි විය . ඒ නිසා ආයතන හිමිකරු මෙම තරුණයා ඔහුගේ නිවසේ වැඩ පළවලට පවා යොදා ගත්තේය.
මෙම නිවෙසේ සුරතලයට ඇති කරන බල්ලෙකි . බල්ලා දුටු තරුණයාට ද බල්ලකු හදන්නට ආසාවක් ඇති විය .තරුණයා ලොකු මුදලක් ගෙවා බල්ලකු මිලදී ගෙන ගෙදරට ගෙනාවේය .
තරුණයා රැකියාවට යන නිසා බල්ලා නෑවීමට කෑම බීම දීමට පවා සිදුවුණේ මහලු මව්පිය දෙදෙනාටයි . බල්ලාට කෑමට මස් මාළු කිරි පිටි මිලදී ගැනීමට අමතර මුදලක් වැය කිරීමටත් ගුණපාලට සිදුවී තිබිණි .
බල්ලාට බෙහෙත් විදීමට රැගෙන යන්නට ගුණපාලට නොහැකි නිසා බල්ලාට බෙහෙත් විදින දිනයට ගෙදර එන පුතා මෝටර් රියක් කුලියට ගෙන බල්ලාට බෙහෙත් විදීමට රැගෙන යාමට කටයුතු කරයි . එහෙත් තවමත් ගුණපාල හෝ බිරිඳ අසනීප වූ විට බෙහෙත් ගෙන ඒමට යන්නේ ත්‍රිරෝද රියකිනි.
මෙය දකින ගමේ මිනිස්සු ගුණපාලගෙ පුතාගේ බල්ලා විතර ගුණපාලවත් බිරියවත් පින් කර නැති බව කියති.
2025 නොවැම්බර් මස 04
48
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1558
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බල්ලට කාර්: අම්මට තාත්තාට ත්‍රීවිල්