IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හඬපටයේ හුටපටයෙන් ලොක්කාගේ රෙදි ගැලවිලා

(හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන)
රාත්‍රි කාලයේදී අධික ලෙස මත් පැන් පානය කිරීමෙන් පසු   කාර්යාලයේ සේවය කරන නිලධාරිනියන්ට දුරකතන ඇමතුම් ලබාගන්නා ආයතන ප්‍රධානියකුට සේවකයන් ලබාදුන් අපූරු දඬුවමක් පිළිබඳව දකුණු පළාතේ සුන්දර ප්‍රදේශයකින් වාර්තාවේ.


දරදඬු පාලනයක් කාර්යාලය තුළ පවත්වාගෙන යන්නකු බවට දැඩි ප්‍රසිද්ධියක් උසුලන මොහු අවිවාහකයෙකි. පුරුෂාධිපත්තිය පිළිබඳව මහා ඉහළින් සිතමින් කටයුතු කිරීම නිසාම සේවකයන් විවිධ ආරූඪ නම් පටබැඳීමද සිදුකර තිබේ.


සුළු අතපසුවීමකට වුවද නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනුවට අවවාද ලිපි එකතුකරන අතර නිලධාරිනියන්ගෙන් සිදුවන විශාල අඩුපාඩුවලට කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා අනංගයකු බව සියලු දෙනා අතර ප්‍රසිද්ධ කතාවක් වී තිබුණි. නීතිය චක්‍රලේඛ අණපනත්වල කෙලෙස සඳහන් වුවත් තම අභිමතය පරිදි කටයුතු කරන්නකු බවටද මොහු දැඩි ප්‍රසිද්ධියක් උසුලයි.


සතිඅන්ත දිනකදී හොඳටම සූර්වී සිටි ප්‍රධානියා නිලධාරිනියකට ඇමතුමක් ගත්තේය. ප්‍රධානියාගේ ඇමතුමට ප්‍රතිචාර දැක්වූ කාන්තාව වෙන්නට යන දේ පිළිබඳව අවබෝධකර ගත්තාය. පැය භාගයකින් ඇමතුමක් ගන්නා ලෙස ලොක්කාට පවසා විස්තරය සිය සැමියාට පැවැසුවාය.


සැමියා බිරිඳගේ කාර්යාලයේ සේවය කරන මිතුරු මිතුරියන් කිහිපදෙනකුට කතා කර විස්තරය පැවැසීය.


සියලුම දෙනාම එකතුවී අනංගයා කොටුකර ගැනීමට උගුලක් ඇටවූහ. විනාඩි තිහ ඉක්මයත්ම නැවත ලොක්කාගේ ඇමතුම ලැබුණු අතර ඇමතුමට ප්‍රතිචාර දක්වා මිතුරන් සමග කතා කරගත් පරිදි ඇමතුම පටිගත කළහ.
පසුදින උදේ කාර්යාලයට යාමට සූදානම්ව දුරකතනය අතට ගෙන පෙර දින රාත්‍රියේ කාර්යාල සේවකයන් විශාල ප්‍රමාණයකින් ලැබී තිබූ වට්ස්ඇප් පණිවිඩ මොනවාදැයි ඔහු පරීක්ෂා කළේය. 


රාත්‍රි කාලයේ නිලධාරිනියක් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් තමන් කතා කළ අතිශයින් වැඩිහිටියන්ට පමණක් සීමා වූ  දුරකතන සංවාදයේ හඬපටයක් මෙලෙස එවා ඇති බව අවබෝධ කර ගැනීමට ඔහුට වැඩි වේලාවක් ගතනොවීය.


හඬපටය අනෙකුත් කාර්යාල අතර හුවමාරු වීම නතර කර ගැනීමට කොතෙකුත් උත්සාහ දැරුවද එය සාර්ථක නොවූ නිසා  දින කිහිපයක නිවාඩුවක් ගෙන කාර්යාලයට පැමිණීමෙන් වැළකී සිටි ඔහු අගනුවර කාර්යාලයකට ස්ථාන මාරුවීමක් හදාගත්තේය. 


අනංගයා මාරුවී ගිය පසු එම කාර්යාලයේ කිහිපදෙනකු අතටද හඬ පටය ලැබීම නිසා එම ස්ථානයෙන්ද වෙනත් අමාත්‍යාංශයකට මාරුවීමක් ලබාගෙන ගොස් ඇතැයි පැවසේ.

 



අදහස් (0)

හඬපටයේ හුටපටයෙන් ලොක්කාගේ රෙදි ගැලවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 47 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site