මන්ත්‍රීගේ හිතවත්කම පෙන්වන්න ගිහින් ඇතිවෙන්න ඇදගෙන නාගෙන
ඔහු පළාතේ මන්ත්‍රීතුමාගේ හිතවතෙකි. එහෙත් ඔහුගේ හැටි දන්නා හෙයින් මන්ත්‍රීවරයා ඔහු ආශ්‍රය කළේ අතේ දුරිනි. එය ඔහුට මදිකමකි. ගමේ අයට තමන් මන්ත්‍රීතුමාගේ අගසව්වකු බව පෙන්වීමට ඔහුට අවශ්‍ය විය. ගමේ අයගෙන් ලකුණු දා ගත හැක්කේ එමගින් යැයි ඔහු සිතුවේය. එයට වේලාවක් එනතුරු ඔහු මග බලාගෙන සිටියේය.