IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මනාලයා ගෙදරට එද්දී මනාලිය අරගලයට ගිහින්

(පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර) 
තම අනාගත සහකාරිය බැලීමට ඥාතීන් ද සමග මනමාලියගේ නිවෙසට යනවිට මනාලිය තවත් හිතවතියන් පිරිසක් සමග ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට ගිය පුවතක් පේරාදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 


සිද්ධිය මෙසේය.


තරුණයා මාතලේ ප්‍රදේශයේ තරුණයෙකි. තරුණිය පේරාදෙණියේය. මඟුල් කපුවකු මාර්ගයෙන් ආ යෝජනාවකට අනුව මනමාලිය සිය ඥාතීන් සමග මනාලියගේ නිවෙසට පැමිණියේ ගේදොර මනාලිය බැලීමේ අදහසිනි. 


ඊට දිනයක් සහ වේලාවක් නියම කර ගැනිණි. ඒ අනුව මනාලයා ඇතුළු පිරිස මාතලේ සිට පේරාදෙණියට පැමිණියහ. මනාලියගේ පාර්ශ්වයෙන් උණුසුම් පිළිගැනීමක්ද ලැබුණි. 


ආ ගිය විස්තර හා පවුලේ විස්තර කතා කළත් මනාලිය පෙනෙන්ට සිටියේ නැත. තේ  සංග්‍රහයද භුක්ති වින්දේය. පිටත්වීමට වේලාව පැමිණියත් මනාලිය පෙනෙන්නට නොසිටියා ය. 


ඒ ගැන විමසීමේ දී මනාලිය උදෙන්ම නගරයේ රූපලාවන්‍යාගාරයට ගියා. ඉක්මණින් එයි යනුවෙන් මනාලියගේ පාර්ශ්වයේ අයෙක් කීය. 


හෝරා කිහිපයක් ගිය ද මනාලිය නොපැමිණියාය. ඇගේ දුරකතනයට ඇමතුම් ගත්තත් එය ක්‍රියා විරහිතවී තිබිණි. පසුව ඇය සමග ගිය මිතුරියගේ දුරකතනයට ඇමැතුමක් ගත් අතර ඊට පිළිතුරක් ලැබිණි. 


රටටම අනාගතයක් නැති අවස්ථාවේ තමන් පෞද්ගලික අනාගතයක් දැකීම විහිළුවක් බැවින් රටේ අනාගතය වෙනුවෙන් අරගල කරන පිරිස සමග එක්වීමට ගාලු මුවදොරට පැමිණි බවත් රටට අනාගතයක් උදා වූ පසුව අලුත් ජීවිතයක් ගත කිරීමට සූදානම් බවත් ඇය කීවාය. 


ඇගේ පිළිතුරින් දෙපාර්ශ්වයේම ඇස්ගෙඩි උඩ ගියත් මනාලයා සිනාසෙමින් කියා සිටියේ තමන්ද අද දිනයේ සවස් භාගයේ හිතවතුන් පිරිසක් සමග ගාලු මුවදොර යාමට සිටින බවය. කෙසේ වුවත් ඔහු යළිත් තම නිවෙසට පිටත්ව ගියේ මනාලියගේ දුරකතන අංකයද සිය දුරකතනයේ සටහන් කර ගනිමිනි. 



අදහස් (1)

මනාලයා ගෙදරට එද්දී මනාලිය අරගලයට ගිහින්

Pradeep Kumara Saturday, 07 May 2022 09:48 AM

අන්න ඒකයි අවබෝධය කියන්නේ..

:       2       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site