(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉන්ධන මිල ඉහළ ගිය බව නොදැන තම මෝටර් රියට පෙට්‍රල් ලබා ගැනීමට ගිය කාන්තාවක ඊයේ 19 වැනිදා උදෑසන පිරවුම්හලේ දී යකා නැටූ පුවතක් වාර්තා වේ.
රැකියාවක නිරත කතකි. ගමන බිමන මෝටර් රියෙනි. පෝලිමේ සිට හෝ ඉන්ධන ලබා ගන්නේ ගණනක් මිම්මක් ඇතිවය.
රුපියල් පන්දහසක පෙට්‍රල් ලබා ගතහොත් ටැංකිය පිරෙන බව ඇය ගණන් බලා තිබිණි.
ඒ අනුව ඇය උදේම පිරවුම්හලේ පෝලිමට එක්වූවාය. ඉක්මනින් ම ඇගේ වාරය උදාවිය. පන්දහසක ඉන්ධන ඇය ඉල්ලා සිටියාය
පොම්පකරු නෝනා හරි කීවත් ඇය නොඇසුණාසේ සිටියේ මීටරයට ඇස් යොමාය. පිටුපසින් හෝන් හඬ ඇසෙද්දී ඇය බිමට බැස සේවකයාට දෙස් තබන්නට පටන් ගත්තාය. මීටරය පරීක්ෂා කර තෙල් ගසා ඇත්තේ හොරට බව ඇය චෝදනා කරන්නට වූයේ නොසරුප් වදන් සමගිනි.
ඇය ගැන දන්නා රියැදුරකු ඈ සමීපයට විත් නෝනා ඊයේ රෑ ඉඳලා තෙල් ගණන් ගිහින් ඒකයි වෙලා තියෙන්නේයි. පැහැදිලි කරදීමෙන් පසු එක එකාට ගෙදර යන්න කිව්වත් නොයන එකේ මම අද වැඩට නොයාගෙදර යන බව කියා පිටව ගියාය.
2025 නොවැම්බර් මස 04
47
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1558
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙල් ගහන්න ගිහින් කතක් යකා නටලා