IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බොරු ලෙ​ෙඩන් අලි අමාරුවක

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ගුරු වර්ජනයට සහය දැක්වීමට අසනීප නිවාඩු දැමීම සඳහා විදුලි පණිවිඩයක් යැවීමට තැපැල් කාර්යාලයට ඊයේ (25 වැනිදා) ගිය ගුරුවරයකු අලි අමාරුවක වැටුණු පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.


ගුරු යුවළකි. යාබද පාසල් දෙකකය. ගුරු වර්ජනයට සහයෝගය දැක්වීමට මේ දෙදෙනා තීරණය කළෝය. තමන් සේවය කරන පාසල්වලට අසනීප නිවාඩු දමා විදුලි පුවත් යැවීමට සැලසුම් කෙරුණේ ඒ අනුවය.


විදුලි පණිවිඩ යැවීමට තැපැල් කාර්යාලයට ගියේ ගුරුවරයාය. භාර්යාව වූ ගුරුවරියගේ ද අසනීප නිවාඩු විදුලි පණිවිඩය ද ඔහු යැව්වේය. යැවූ විදුලි පණිවිඩ දෙකේම රිසිට් ගුරුවරයා සිය නිවෙසට ගෙන ගියේය.


තමාගේ පාසලට විදුලි පණිවිඩය යැවූ රිසිට් පත ගුරුවරිය සිය සැමියාවූ ගුරුවරයාගෙන් ඉල්ලා සිටියාය.
රිසිට් පත අතට ගෙන බැලූ ගුරුවරියට තරු පෙනුණි. ‘කවද්ද මනුස්සයෝ මම ඔයාගේ පාසලට මාරු වෙලා ආවේ’ යැයි ගුරු භාර්යාව ගුරු සැමියාට දොස් මුරය දැම්මාය. සිදුව ඇති දේ තේරුම් ගිය ගුරුවරයා වහාම විදුලි පණිවිඩ යැවූ තැපැල් කාර්යාලයට ගියේය.


‘අනේ මිස් අලි වැරැද්දක්නේ වෙලා තියෙන්නේ. මම උගන්වන ඉස්කෝලේටම තමයි අල්ලපු පාසලේ උගන්වන මගේ නෝනගේ විදුලි පණිවිඩයත් යවලා තියෙන්නේ’. ඔහු එසේ කීවේ තරමක් බියපත් අයුරෙනි. ඔහු දුන් රිසිට් පත පරික්ෂා කර බැලූ තැපැල් කාර්යාලයේ නිලධාරිනිය ‘හොඳ වෙලාවට තමයි ඒක තවම යවලා නැත්තේ’ යයි කියමින් ගුරුවරයාගේ අතට විදුලි පණිවිඩය දුන්නේ එය නිවැරැදි කර දෙන ලෙස ඉල්ලා සිටිමින්ය.


‘හොර ලෙඩ අරන් බොරු නිවාඩු දමන්න යන කොට ඔහොම වැඩ වෙනවා’ යැයි ඒ අවස්ථාවේදී තැපැල් කාර්යාලයේ සිටි අයකු කියා සිටියේ උපහාසාත්මක අයුරෙනි.

 



අදහස් (0)

බොරු ලෙ​ෙඩන් අලි අමාරුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 48 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site