IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රටේ හැටි ​ෙනාදැන කට ගැසූ ලොක්කාට යාචකයකුගෙන් පාඩමක්

(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
යාචකයාගේ වදනින් උන් හිටි තැන් අමතක වූ ආයතන ප්‍රධානියකු ජාමේ බේරාගෙන නික්ම ගිය පුවතක් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටින් අසන්නට ලැබුණි. 


සිද්ධිය මෙසේය.


රජයේ සංවර්ධන කටයුතුවලට දායක වන රාජ්‍ය ආයතනයකි.


පසුදින පැවැත්වෙන උත්සවයකට පූර්ණ දායකත්වය ලබා දිය යුතුය. ඒ සඳහා ආයතන ප්‍රධානියා වන මොහු සැදී පැහැදී සිටියත් ඔහුගේ බිරිය හදිසියේ රෝගී වූවාය.


ඇය රෝහල් ගත කිරීමෙන් අනතුරුව අනුරාධපුර රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා තිබුණේ තත්ත්වය තරමක් බරපතළ වූ නිසාය.


බිරියගේ අසනීප තත්ත්වය හේතුවෙන් සැමියාට ඇය බැලීමට යාමට සිදුවූ නිසා උත්සවයට යාමට නොහැකි විය.


කෙසේ වෙතත් උදේම ගොස් බිරිය බලා පමා වී හෝ උත්සවයට සහභාගි වෙන සිතුවිල්ලෙන් ඔහු රෝහල බලා ගියේය. 


ඔහු රෝහලට තරමක් පමාවීමෙන් ඔහුට රෝගී බිරිය බැලීමටද නොහැකි විය. ඒ අනුව දහවල්  කාලයේ වාරය උදාවන තෙක් ඔහුට එහි ගේට්ටුව අසල රැඳී සිටින්නට සිදුවිය.


මේ අතර ඔහු උත්සවයේ කටයුතු ගැන වරින් වර විමසුවේය.


දැන් ඇමැතිතුමා ආවාද? අැමැතිතුමාගේ ලේකම්ට කියන්න මාගේ නෝනාට අමාරුවෙලා මං හදිසියේ අනුරාධපුර රෝහලේ ඉන්නේ කියලා ඔහු ආයතනයේ තවත් නිලධාරියකුට කීවේය.


එම සංවාදයට සවන් දුන් යාචකයෙක් ඔහු අසලට පැමිණ මහත්තයා පැත්තකට අඬගහගෙන ගියේය.


යාචකයා මහත්තයා අමතන්නට විය.


‘‘මහත්තයෝ ඔය දේශපාලකයාගේ නම අහන්නවත් අපේ කට්ටිය කැමැති නෑ. ඔයා කතා කරන්න පරිස්සම් වෙන්න. නැතිනම් මහත්තයාටත් අම්බානට කාගෙන රෝහලේම තමයි නවතින්න වෙන්නේ’’ ඔහු කීය.


‘‘ඇත්ත තමයි, මට වැරදුණා. උන්හිටි තැන් අමතක කර මං කතා කරපු හැටි වැරදියි’’.


රටේ තත්ත්වය තේරුම් ගත් ආයතන ප්‍රධානියා යාචකයා අතට රුපියල් සියයක නෝට්ටුවක් ද තබා ස්තුතිය පිරිනමා බිරිය බලන්නට වාරය එනතුරා කට පරිස්සම් කර ගත්තාලු.  

 



අදහස් (0)

රටේ හැටි ​ෙනාදැන කට ගැසූ ලොක්කාට යාචකයකුගෙන් පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 719 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17964 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 772 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site