IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හතළිහේ ටිකැට්ටුවට සීයක් දුන් මගියාට දඬුවමක් දීලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රුපියල් හතළිහක්වූ ටිකට් පතට රුපියල් සියයේ කොළයක් දුන් වරදට ඉතිරි මුදල් ලබා ගැනීමට මඟියකුට දුම්රිය එනතුරු ප්‍රවේශපත් කවුළුව ඉදිරිපිට  සිටගෙන සිටීමට සිදු වූ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථානයකි. ඔහු ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ස්ථානාධිපතිවරයෙකි. කිසිදා ඉතුරු සල්ලි රුපියල් පහ දහය නො දීම සිරිතකි.


මේ බව දන්නා මගියකු රුපියල් හතලිහක් වූ ගමනාන්තය සඳහා අතේ තිබූ  රුපියල් පනහේ කොළය නොදී සියයේ කොළයක් ලබා දුන්නේ රුපියල් දහය නැතිවන බව දන්නා නිසාය.


ටිකට් පත දුන් ඔහු ඉතුරු සල්ලි දෙන්න ටිකක් ඉන්න යැයි ඔහුට දැන්වීය. දැඩි කල්පනාවෙන් සිටි මගියා ප්‍රවේශපත්‍ර කවුළුවේ විස්සේ කොළ ගොඩ ගැසී තිබෙනු දුටුවේය.


ඒ ගැන පවසා තමන්ගේ ඉතුරු සල්ලි ඉල්ලා සිටියේ විනාඩි පහක් හයක් ගත වූ පසුවය. ඒව මගේ මැනේජ්මන්ට් එකට අවශ්‍යයි. ඔහොම තව ටිකක් වෙලා ඉන්න.... ඔහු ගෝරනාඩු කළේය. අසරණ වූ මගියා විනාඩි අටක් දහයක් පමණ ඒ ස්ථානයේ සිටගෙන සිටියේ යන එන මගීන්ගේ  අවධානය ලබමිනි.


ඔහු ලජ්ජාවට පත් වූවත් ඉතුරු සල්ලි ලැබෙන තුරු එහි රැඳී සිටියේය.


 ‘කෝච්චිය එන්න තව වෙලා තියෙනවා තව ටිකක් වෙලා ඉන්නවා’. ඔහු දෙවැනි වර කළ විමසීමේ දී ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් කියැවිණි.
ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නා ජයග්‍රහණය කළේ ය .


දුම්රිය එන අවස්ථාවේ දී විස්සේ කොළ තුනකින් ඉතුරු සල්ලි ලබා දුන් පසු මගියා වේදිකාවේ කෙළවරට ගොස් එහි උසස් නිලධාරියකුට පැමිණිලි කළත් ඒ පැමිණිල්ල ගැන කිසිදු තැකීමක් නොකළ මහතැන අහක බලා ගත්තා ලු‍.



අදහස් (2)

හතළිහේ ටිකැට්ටුවට සීයක් දුන් මගියාට දඬුවමක් දීලා

saman Thursday, 21 April 2022 04:28 PM

මේක ගම්පහ දුම්රිය ස්ථානය විය යුතුයි.

:       0       13

sampath Thursday, 21 April 2022 11:58 PM

ඒකනේ අපි කියන්නේ.. මේක විකුණන්න කියලා... මේ වගේ හොර තක්කඩි ඉන්න රටක් හදන්න බැ. එක්කෝ මේ වගේ අය යවන්න ඕනේ. නැත්නම් පුද්ගලීකරණය කරන්න ඕනේ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 719 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17962 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 772 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site