(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මියා පණ පිටින් බේරන්න ගොස් වටිනා කැසට් රෙකොඩරයක බෆලය අහිමි කරගත් අපුරු හාදයකු ගැන දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

බෆල් එකක් සහිත කැසට් රෙකෝඩරයක් ඔහු ගෙන ආවේ මේ ඊයේ පෙරේදාය. ඒ විශාල මිලකටය. හිටි හැටියේම බෆල් එක ක්‍රියාවිරහිත වූ බැවින් ඔහු ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී හෙළිවූයේ එය තුළට රිංගා ඇති මීයකු එහි වයර් කපා තිබෙන බවය.
මීයාට අභය දානය දී නිවෙස ඉදිරිපිට පාර අයිනේ තිබූ වන රොදට ඌ මුදා හැරීමට ඔහු සිතා ගත්තේය. එබැවින් වන රෝද ආසන්නයට ගොස් බෆල් එක ඒ අතට මේ අතට සෙල වූයේ එහි සිටින මීයාට එළියට ඒමටය.
කොතෙක් උත්සාහ කළත් වැඩේ හරි නොගියේය. බෆල් එක පාර අයිනේ තියා ඔහු නිවෙසට ගියේ බෆල් එකේ පියන ගැලවීමට ස්කුරුප්පු නියනක් ගෙන ඒමටය.
නිවෙසේ තිබු ස්කුරුප්පු නියන සොයාගෙන පාර අයිනේ බෆල් එක තිබු ස්ථානයට එනවිට එය අස්ථානගතව තිබෙනු දැක ඔහුට හීන් දහඩිය දැම්මේය. එය ගත් මිල සිහිවූවිට දැමු හින් දහඩිය මහ දහදියක් බවට පත්වූවේ මෙය භාර්යාව දැනගත හොත් ඉඳලා හමාරයි සිතුණු බැවිනි.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මීයෙක් සිංදු අහන්න ගිහින් සැමියාට දවල් තරු පෙනිලා