IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අලුත් කූඩුවකට රිංගන්න ගිහින් තිබුණ කූඩුවත් නැති කරගෙන

(හක්මන විශේෂ  දෙනගම යසන්ත ආරියසේන)
බාල වයස්කාර දරුවන් තිදෙනා තනිකර අනියම් සැමියා සමග ගිය කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ හක්මන පොලිසියෙන් වාර්තාවේ.


වයස හය, අට, දහහතර වැනි වියේ පසුවන දරුවන් තිදෙනකු සිටින තිස් හැවිරිදි කාන්තාවකට පසුගිය කාලයේ බහුකාර්ය සංවර්ධන සහායකයකු ලෙස රැකියාවක් ලැබිණ එම රැකියාවට යාමේදී හමු වූ තවත් සේවකයකු සමග මෙම කාන්තාව අනියම් සම්බන්ධතාවක් පැවැත්වූවාය.


සැමියා තමන්ගේ සහෝදරයකු ලෙස අනියම් සැමියාට මුල් අවස්ථාවේදී හඳුන්වා දීමට ඇය කටයුතු කළේ අනියම් සැමියා කෙසේ හෝ තමන්ට අයිති කර ගැනීමේ අදහසිනි.


මේ අනුව ඇය ඔහු සමග පැනගියේ කාටත් හොර රහසේය.


දරුවන් සහ තමන් තනිකර බිරිඳ සිය අනියම් සැමියා සමග පැනගොස් ඇති බවට සැමියා සිදුකළ පැමිණිල්ලට අනුව සියලුම දෙනා පොලීසියට කැඳවා විමර්ශන සිදු කළේය.


 සිය නීත්‍යනුකූල සැමියා සහ දරුවන් තිදෙනා භාර ගැනීම ඇය ප්‍රතික්ෂේප කළේ අන් කිසිවකුට වචනයක්වත් කීමට ඉඩ නොතබමිනි.
 දරුවන් පිළිබඳව සිතා තමන් සමග ගෙදර යාමට පැමිණෙන ලෙස සැමියා බැගෑපත්ව ආයාචනා කළද කාන්තාව සිය අකැමැත්ත ප්‍රකාශ කළේ අනියම් සැමියා පිළිබඳව දැඩි බලාපොරොත්තු තබමිනි. මේ අතර අනියම් සැමියාද දරුවන් සිටින කාන්තාවක තමන්ටද බාරගැනීමට නොහැකි බව පැවසීම නිසා නිලධාරීහුද අසරණ වූහ.


දරුවන් සමග සැමියා නිවෙසට යාමට සැරසෙද්දී අනියම් සැමියාද කාන්තාව ප්‍රතික්ෂේප කරමින් නික්ම ගියේය.


සැමියාත් අනියම් සැමියාත් දෙදෙනාම අහිමිකරගත් කාන්තාව සිය සොහොයුරකුගේ නිවෙසට යාමට පිටත් වියේ හැඬූ කඳුළෙනි.
ඒ සමගම ඇයට දැනගන්නට ලැබුණේ බාලවයස්කාර දරුවන් අතහැර දැමීමට එරෙහිව ඇයට නඩුවක්ද පැවරෙන බවය.

 



අදහස් (0)

අලුත් කූඩුවකට රිංගන්න ගිහින් තිබුණ කූඩුවත් නැති කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 48 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site