IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ත්‍රිරෝද රියට පැණි බීම දාලා

(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)
ත්‍රිරෝද රථ රියැදුරකු පෙට්‍රල්  යයි සිතා ත්‍රි රෝද රථයේ ඉන්ධන ටැංකියට  පැණි බීම දැමීමේ පුවතක් තලවකැලේ නගරය ආසන්න වතු ප්‍රදේශයකින් වාර්තා විය.


ත්‍රි රෝද රථයේ පසුපස කොටසේ පෙට්‍රල් ලීටරයේ බෝතලයක් හා එම ප්‍රමාණයේම පැණි බීම බෝතලයක් තබාගෙන එළවළු රැගෙන ඒමේ කුලී ගමනක් යන අතරතුර  ත්‍රි රෝද රථයේ ඉන්ධන අවසන් වූ පසු ත්‍රි රෝද රථ රියැදුරු රථයේ පසුපස කොටසට අත දමා පෙට්‍රල් යැයි සිතා පැණි බීම බෝතලය සම්පූර්ණයෙන්ම ඉන්ධන ටැංකියට දමා තිබේ.


ඉන් පසු ත්‍රි රෝද රථය පණ ගැන්වීමට කෙතරම් උත්සාහ ගත්තත්  එය පණ ගැන්වීමට නොහැකි මන්දැයි කළ සෝදිසියේ දී පෙට්‍රල් යයි සිතා පෙට්‍රල්  පාටටම තිබූ පැණි බීම බෝතලය රථයේ ඉන්ධන ටැංකියට දමා ඇති බව රියදුරුට වැටහිණි.


පසුව කුළී ගමන අතරමග නවතා දමා ත්‍රී රෝද රථය ගරාජයක් වෙත රැගෙන ගොස් විශාල මුදලක් වැය කොට අලුත්වැඩියා කර ගැනීමට  එම රියදුරු කටයුතු කළේ තමන්ටම දොස් පවරමිනි.

 



අදහස් (0)

ත්‍රිරෝද රියට පැණි බීම දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site