(වියලුව වාර්තාකරු)
ආබාධිත පිරිමි හා කාන්තා රෝගීන් දෙදෙනකු රැක බලාගැනීම සඳහා රෝහලක යාබද වාට්ටු දෙකක රැඳී සිටි තරුණියක හා තරුණයකු හාද වී තමුන්ගේ රෝගීන්ට උපස්ථාන කිරීම පසෙක තබා දිවා කල රෝන්දේ ගිය බව කියැවෙන පුවතකි.

සිද්ධිය මෙසේය.
එය එක්තරා රජයේ රෝහලකි.
එකිනෙකට යාබදව තිබූ වාට්ටු දෙකක ප්‍රතිකාර ලැබුවේ ආබාධිත තත්ත්වයට පත්වූ කාන්තාවන් හා පිරිමි පුද්ගලයින්ය. යාබදව වාට්ටු දෙක පැවැතීම නිසාත්, කලක් තිස්සේ වාට්ටුවල රැඳී සිටීම නිසාත් රෝගීන් රැක බලාගන්නා උදවිය නිතර මුණගැසුණු අතර, ඔවුන් අතර ඇතැම්විට මිතුරු දම් ද දලුලා වැඩෙන්නට වීම අරුමයක් නොවීය..
මේ අතර ගම්බද ප්‍රදේශයෙන් පැමිණ තම ආබාධිත සහෝදරයා රැක බලාගත් තරුණයකු යාබද වාට්ටුවේ සිටි කාන්තා රෝගියකු රැක බලාගත් තරුණියක සමග ඇයි හොඳයිකම් පවත්වන්නට පටන් ගත්තේ සීමාව ද ඉක්මවා යමිනි.
හිතවත්කම ප්‍රේමයට හරවාගත් දෙපළගේ ආදර පලහිලව්ව වාට්ටුවල උදවිය පවා දැන ගත්තේ ඔවුන්ගේ හැසිරීම් නිසාය.
කලින් කතිකා කරගත් පරිදි පසුගිය දිනක ඔවුන් රෝගී සාත්තුව පසෙකලා රෝහලින් පිටව වෙනත් ස්ථානයක් කරා පිටව ගොස් ඇත්තේ සිත් සේ පෙම් සුව විඳීමේ අටියෙනි. දිවා කල හතර දිග්භාගයේ ඇවිද යමින් රිසි සේ පෙම් සුව විඳි ඔවුන් රෝහලට පැමිණෙන විට සවස් වී තිබිණී.
තරුණයාගේත් තරුණියගේත් සබඳතාව ගැන හොඳ හැටි දන්නා වාට්ටුවේ සිටි සෙසු රෝගීන් බලාගන්නා පිරිස ඔවුන් දෙපළගේ රෝගීන්ට ද අඩුවක් නැතිව සලකා තිබීම නිසා කිසිදු ගැටලුවක් මතු නොවූවත් තරුණයාගේත් තරුණියගේත් ඥාතීන්ගෙන් නම් ඔවුන්ට ගැලවුමක් නොවිණි.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෙඩා ඇඳේ සිටිද්දී සාත්තුවට ආ දෙන්නා ජෝඩු දමා රෝන්දේ ගිහින්
ana Wednesday, 04 May 2022 11:04 AM
රජයේ රෝහලක ගැහැණු, පිරිමි රෝගීන් එකට ඉන්නවා. ඇහුවේත් අදයි.