(හංවැල්ල එච්.එස්.ඒ. නන්දන)
හංවැල්ලට නුදුරු වී සහල් කරන (වී කොටන) ස්ථානයකින් රන් මාල හමුවීමේ සිද්ධියක් වාර්තා විය. සිද්ධිය මෙසේය.

එක්තරා පුද්ගලයකු (ව්‍යාපාරිකයෙකු) වී මල්ලක් (ගෝනියක්) රැගෙන හංවැල්ල ට නුදුරු තුන්නාන වී කොටන ස්ථානයකට පැමිණියේ අවුරුදු සමයෙන් පසු තම කුඹුරෙන් කපාගත් වී ගෝනියක් සහල් කර ගැනීමටය.
ඔහු පැමිණි අවස්ථාවේදී රැගෙන පැමිණි වී ගෝනිය වී කොටන ස්ථානයේ තබා යාමට සිදු වූයේ එම අවස්ථාවේ වී කෙටීම නොකරන හෙයිනි. වී කොටන ස්ථානය ගැන පවතින විශ්වාසය මත වී කෙටීමට පැමිණි බොහෝ පිරිස් තම වී මලු තබා යෑම පුරුද්දක් ලෙස කරති. එසේම ප්‍රදේශයේ විශාල පිරිසක් මෙම වී මෝලට වී කෙටීම සඳහා පැමිණෙති. එහි දහයියාද රැගෙන යාමටද බොහෝ පිරිස් පැමිණෙති.
තබා ගිය වී ගෝනියක වී මෝලට දමා කොටන අවස්ථාවේදී එහි රත්රන් මාලයක් දැක වී මෝල් හිමියා වහා එය ඉන් ඉවතට ගත්තේය. වී මෝල ක්‍රියා විරහිත කර තවතවත් පරීක්ෂා කරද්දී තවත් රන් මාලයක් හමු විය.
වී රැගෙන පැමිණි පුද්ගලයා වී සහල් කිරීමෙන් පසු රැගෙනයාමට පැමිණි අතර එම අවස්ථාවේදී මෝල් හිමියා කොටන ලද සහල්වලට මුදල් රැගෙන රන් මාල දෙකක්ද දුන්නේය. තුෂ්නීම්භූත වූ ඔහු අවුරුදු තෑග්ග දැයි සිතා සිනාහමුසුව දෑතට ගත්තේය.
සිද්ධිය දැනගත් ඔහු වහා බිරියට දුරකතනයෙන් කතා කර විමසා ඇත්තේ තමන්ගේ රන් ආභරණ සඟවා ඇත්තේ කොහේද කියාය. මම ඒවා වී ගෝනියක හැංගුවා යැයි කී ඇය වහා නිවසේ වී ගෝනිවල රන් ආභරණ සොයන්නට වූවාය. රන්මාල නොමැතිව කලබලයට පත් ඇය සැමියා ගෙන ගිය වී ගෝනියේ රන් බඩු ඇතැයි කලබලයෙන් වී මෝලට දිව ගියාය. සැමියා අත තිබූ රන් මාල දෙක අතට ගත් ඇය කෝ අනිත් ඒවා යැයි ඇසුවාය. තවත් රන් ආභරණයක කැබලි කීපයක් සොයා ගත්තද දහයියා කන්දෙන් ඉතිරි කොටස් සෙව්වද සොයා ගත නොහැකිව ඈ ළතවූවාය.
අවසානයේ ඇය සැමියා සමග නිවසට පිටත් වූයේ මෝල් හිමියාට ස්තුති කරමිනි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටන්න ගෙනා වී ගෝනියෙන් රත්තරන් මතුවෙලා