දිවා කාලයේ වසා දමා තිබූ නිවෙසක ගෙවත්තට ඇතුළුවූ පුද්ගලයකු එම නිවෙස සිය නැන්දණියකගේ යැයි අසල්වාසීන්ට පවසා කොස් ගෙඩිද කඩාගෙන මුළුතැන්ගෙයි දොර කඩා එහි තිබූ ගෑස් ටැංකි දෙකද රැගෙන ගිය පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි

එදින නිවෙස වසා දමා එහි නිවැසියන් අවශ්‍යතාවකට බැහැරට ගොස් තිබිණි. ඒ අතර වත්තට ඇතුළුවූ පුද්ගලයකු කෙක්කක්ද අතැතිව එම වත්තේ එහා මෙහා ඇවිද යනු අසල්වාසී කාන්තාවකට දැක ගන්නට ලැබී ඇත. ත්‍රිරෝද රථයක්ද ඒ අසල නවතා තිබී ඇත.
නිවැසියන් නැති අවස්ථාවක නාඳුනන කෙනෙකු එම වත්තේ සිටීම පිළිබඳව සැක සිතූ ඇය “මොනවද ඔය කවුරුවත් නැති වෙලාවෙ ඇවිත් කරන්නෙ?” යැයි ඔහුගෙන් විමසුවාය.
එවිට ඔහු කියා ඇත්තේ “ආ...., ඒ අපේ නැන්දා කෙනෙක් නේ, මම නැන්දට කියල ආවෙ කොස් ගෙඩියක් කඩා ගන්නව කියල, ඔයාට ඕන්නම් එයාට කෝල් එකක් දීල බලන්න” යැයි පවසා ඇත.
ඇයට ඇතිවූ සැකය ඔහුගේ චාටු කතාවෙන් පහව ගිය බැවින් ඇය තම නිවෙස වෙත ගියාය.
ටික වේලාවකින් කොස් ගෙඩි දෙක තුනක්ම කැඩූ හෙතෙම “අක්කේ මෙන්න ඔයාටත් කොස් ගෙඩියක්” කියා ඇයගේ වත්තටද කොස් ගෙඩියක් දමා ගොස් ඇත.
සවස එම අසල්වාසීන් පැමිණ බලද්දී මුළුතැන්ගෙයි දොර කඩා එහි තිබූ ගෑස් ටැංකි දෙක කිසිවකු විසින් ගෙන ගොස් ඇති බව දැන ගන්නට ලැබී ඇති අතර ඔවුන් දිව ගොස් අසල්වාසී කාන්තාව සමඟ ඒ බව කියද්දී කොස් කැඩීමට පැමිණි බොරු නෑයා තමා අන්දවා ඇති බව වැටහී හිසේ අත ගසා ගත්තාලු.
පොල්ගස්ඕවිට – එස්. වික්‍රමආරච්චි
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නැන්දාගේ ‘කොස් නෑයා’ ගෑස් ටැංකි දෙකක් උස්සලා