(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගාලු මුවදොර අරගල බිමේ අරගලකරුවන්ගෙන් බේරීමට බිම වැටී තිබූ ‘ගෝඨා ගෝ හෝම්’ කළු පටියක් හිසේ බැඳගෙන ඔවුන්ගෙන් බේරී ගමට ගිය පොදුජන පෙරමුණු ක්‍රියාකාරියකුට ගමේ ජනතාවගෙන් ලැබුණු ගුටි පූජාවකින් ඇඳි වතත් නොමැතිව ගෙදර යාමට සිදුවූ පුවතක් කුරුණෑගලට නුදුරු ගම්මානයකින් වාර්තා විය.

ප්‍රදේශයේ පිරිසක් සමග පසුගියදා අරලියගහ මැදුරට ආ මෙම ක්‍රියාකාරිකයා ඔවුන් හා එක්ව අරගල බිමට ගොස් ගෝඨා ගෝ ගම බිමේ අරගලකරුවන් එම පුද්ගලයාට පහර දීමට යාමේ දී ජනතාව අතරට දිව ගොස් පාරේ වැටී තිබු ‘ගෝඨා ගෙදර යනු’ වැකිය සඳහන් රෙදි පටියක් හිසේ බැඳ ගත්තේ තැනට නුවණ පාවිච්චි කරමිනි. ඉන්පසු ඔහු අරගලකරුවන්ගෙන් බේරී කොළඹ සිට බස් රථයකින් කුරුණෑගලට නුදුරු ගම්මානයට නිරුපද්‍රිතව පැමිණියේ සොම්නසිනි.
කෙසේ වෙතත් ගෝල්ෆේස් සිදුවූ සිද්ධිය දැනගෙන ඒ වනවිට පාරේ රැකවල්ලා සිටි ප්‍රදේශයේ ජනතාව මෙම පුද්ගලයා බසයෙන් බසිනු දැක හොඳ ගුටි පුජාවකින් සංග්‍රහ කළහ.
අනතුරුව ඔවුනට වැඳ වැටී දිවි බේරාගත් ඔහු ඇඳිවත ද නොමැතිව යට ඇඳුමෙන් රෑ බෝ වනතුරු කැලෑබද පෙදෙසක රැඳී සිටියේ වෙන කළ හැකි දෙයක් නොමැති හෙයිනි. පසුව නිවෙස කරා ගොස් දින කීපයක් ගෙදරින් එළියට වත් නොබැස සිටියේ පිරිස නිවෙසට ඒදැයි බියෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd