(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගාලු මුවදොර අරගල බිමේ අරගලකරුවන්ගෙන් බේරීමට බිම වැටී තිබූ ‘ගෝඨා ගෝ හෝම්’ කළු පටියක් හිසේ බැඳගෙන ඔවුන්ගෙන් බේරී ගමට ගිය පොදුජන පෙරමුණු ක්‍රියාකාරියකුට ගමේ ජනතාවගෙන් ලැබුණු ගුටි පූජාවකින් ඇඳි වතත් නොමැතිව ගෙදර යාමට සිදුවූ පුවතක් කුරුණෑගලට නුදුරු ගම්මානයකින් වාර්තා විය.

ප්‍රදේශයේ පිරිසක් සමග පසුගියදා අරලියගහ මැදුරට ආ මෙම ක්‍රියාකාරිකයා ඔවුන් හා එක්ව අරගල බිමට ගොස් ගෝඨා ගෝ ගම බිමේ අරගලකරුවන් එම පුද්ගලයාට පහර දීමට යාමේ දී ජනතාව අතරට දිව ගොස් පාරේ වැටී තිබු ‘ගෝඨා ගෙදර යනු’ වැකිය සඳහන් රෙදි පටියක් හිසේ බැඳ ගත්තේ තැනට නුවණ පාවිච්චි කරමිනි. ඉන්පසු ඔහු අරගලකරුවන්ගෙන් බේරී කොළඹ සිට බස් රථයකින් කුරුණෑගලට නුදුරු ගම්මානයට නිරුපද්‍රිතව පැමිණියේ සොම්නසිනි.
කෙසේ වෙතත් ගෝල්ෆේස් සිදුවූ සිද්ධිය දැනගෙන ඒ වනවිට පාරේ රැකවල්ලා සිටි ප්‍රදේශයේ ජනතාව මෙම පුද්ගලයා බසයෙන් බසිනු දැක හොඳ ගුටි පුජාවකින් සංග්‍රහ කළහ.
අනතුරුව ඔවුනට වැඳ වැටී දිවි බේරාගත් ඔහු ඇඳිවත ද නොමැතිව යට ඇඳුමෙන් රෑ බෝ වනතුරු කැලෑබද පෙදෙසක රැඳී සිටියේ වෙන කළ හැකි දෙයක් නොමැති හෙයිනි. පසුව නිවෙස කරා ගොස් දින කීපයක් ගෙදරින් එළියට වත් නොබැස සිටියේ පිරිස නිවෙසට ඒදැයි බියෙනි.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෝඨා ගේ කළු පටියෙන් බේරී ඇවිත් ගමට බහිද්දී අම්බානක කාලා