අල්ලපු ගෙදර මහත්තයගෙ ලෙඩේ බෝවී නෝනලා දෙන්නම කරදරේක එහා ගෙදර මහත්තයාගේ අමතක වීමේ රෝගය මෙහා ගෙදර මහත්තයාටත් බෝවීම නිසා පවුල් දෙක අතර මහත් ආරවුලක් ඇතිවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දෙහිවල පැත්තෙනි. 21 May 2022
දත් දෙකක් කඩන බවට බ්රිඳට තර්ජනය කළ සැමියා දත් හතරක් කඩාගෙන මතට ලොල්වූ පුද්ගලයෙකු පසුගියදා ප්‍රාදේශීය දේශපාලනඥයකු සමග තම නායකයා හමුවීමට යාමට සූදානම් වන විට සිය බිරිඳ එයට දැඩි විරෝධය පෑ විට දබර වී බිරිඳගේ දත් දෙකක් කඩන බව පවසා නිෙවසින් පිටව ගොස් තමාගේ දත් හතරක් අහිමි කරගෙන ආපසු නිෙවසට පැමිණීමේ සිද්ධියක් දකුණේ රතුපාටට හුරු ගමකින් වාර්තා වේ. 21 May 2022
කඩාදාන්න හැදූ පාසල් ප්‍රේමය දවසෙන් දලුදාලා ඔහුගේ වයස අවුරුදු 26ක් වන අතර ඇයගේ වයස අවුරුදු 24කි. යාබද ගම් දෙකක පදිංචි ඔවුන් පාසල් වියේ සිටම පෙම්වතුන්ය. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු සූපවේදියකු ලෙස රැකියාවක් කරන්නට වූ අතර ඇයද කාන්තා ආභරණ වෙළෙඳ සලක් විවෘත කළාය. 21 May 2022
මනාලයා මනාලියට දැමූ රන්තැල්ල පාරේ කුණු ගොඩක මංගල මොහොතේ මනාලයා විසින් මනමාලියගේ ගෙළෙහි බැඳි රන් තැල්ලක් පැය කීපයකට පසුව කසළ ගොඩකින් සොයා ගත් සිද්ධියක් මහියංගනයට නුදුරු හෝටලයකින් වාර්තා විය. 21 May 2022
තනි පංගලමේ කතකගෙන් ‘ලයිට්’ ඉල්ලා රිදෙන්නම කාලා ‘ලයිට් එකක්’ ඉල්ලාගෙන යාම සඳහා සැමියා නොමැති අවස්ථාවේ නිෙවසකට ගොස් එහි සිටි කාන්තාවට අතරවර කිරීමට උත්සා කළ පුද්ගලයකුට කාන්තාවගෙන් බඩ කට පුරා කෑමට සිදුවූ සිද්ධියක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 21 May 2022
පන්දමාගේ අරගල පෝස්ටරය දුටු දේශපාලකට නහුතෙට නැගලා දේශපාලනඥයන්ගේ පසුපස ගොස් කාර්යාලයක ඉහළ තනතුරක් ලබාගත් පුද්ගලයකු පසුගිය දිනෙක දේශපාලනඥයා හමුවීමට ඔහුගේ නිෙවසට ගොස් සිටියදී ඔහුගේ වාහනයේ අරගලය පිළිබඳ පෝස්ටරයක් ප්‍රදර්ශනය කර තිබෙනු දුටු දේශපාලනඥයා එක්වරම යක්ෂාවේශ වී ඔහු එළවා ගත් පුවතක් දකුණේ වියළි දේශගුණයක් ඇති ප්‍රදේශයකින් වාර්තාවේ. 21 May 2022
පදමට බීලා අලුත් ඕ.අයි.සී.ටත් සෙට් වෙන්න කතා කරලා පදම ඉක්මවා අරක්කු පානය කර ගමේ පොලීසියේ ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් දී සෙට් වෙන්නට ආරාධනා කළ පුද්ගලයකුට පොලිස් කූඩුවේ ලගින්නට සිදු වූ බව කියවෙන පුවතකි. 20 May 2022
පින් පත්තරේට බයේ ගෙයි දොර වසා අතට ආ වාසනාව නැතිවෙලා පිරිසක් සමග හිමි නම එන්නේ අාධාර මුදල් එකතු කිරීමට යයි සැක සිතා නිවෙසේ දොර වැසූ අයෙකුට වියළි ආහාර පරිත්‍යාගයක් මග හැරීගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 19 May 2022
මන්ත්‍රීගේ ගෙට ගහන්න ආවාම ලොතරැයියකුත් ඇදිලා පුංචි මන්ත්‍රීගේ නිවෙසට පහරදීමට පැමිණි අයෙකුට රුපියල් ලක්ෂ පහක පමණ ලොතරැයියක් ඇදුණු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 18 May 2022
බෑණාට මනාලියක් බලන්න ගිහින් මාමා තෙල් බිලකුත් කඩාගෙන තෙල් හිඟය පවතින මෙවන් කාලයක අවිවාහක පුත්‍රයාට මනාලියක් බැලීමට යාම වෙනුවෙන් යතුරු පැදියට රුපියල් පන්සීයක පෙට්‍රල් ලබාගත් පුවතක් පසුගිය දිනක අසන්නට ලැබිණි. 17 May 2022
නැන්දාගේ ‘කොස් නෑයා’ ගෑස් ටැංකි දෙකක් උස්සලා දිවා කාලයේ වසා දමා තිබූ නිවෙසක ගෙවත්තට ඇතුළුවූ පුද්ගලයකු එම නිවෙස සිය නැන්දණියකගේ යැයි අසල්වාසීන්ට පවසා කොස් ගෙඩිද කඩාගෙන මුළුතැන්ගෙයි දොර කඩා එහි තිබූ ගෑස් ටැංකි දෙකද රැගෙන ගිය පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි 14 May 2022
ෆෝන් එකෙන් විද්‍යාව ඉගැන්වූ සිංහල ගුරාට පියා බඩ පිරෙන්න දීලා තම දරුවා වෙනුවෙන් සිංහල උපකාරක පන්තියක් පැවැත්වීම සඳහා නිෙවසට පැමිණි ගුරුවරයකු පන්ති පවත්වන අතරේ අමුතු අන්දමේ විද්‍යා පාඩමක් කියාදීමට ගොස් දරුවාගේ පියාගෙන් බඩ කට පුරා ගුටි කෑ බව කියවෙන පුවතකි. 14 May 2022
ලොක්කගෙ පුතාගේ ‘ලව් එක’ ගමේ කොල්ලට මාරුවෙලා ඇය විසි හතර හැවිරිදි තරුණියකි. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ඇයටත් අනෙක් යෙහෙළියන්ට මෙන් රැකියාවක් කිරීමේ ආසාවක් ඇති විය. එහෙත් ඇඟලුම් කම්හලක රැකියාවට ඇයගේ එතරම් කැමැත්තක් නොවීය. මේ අතර අහම්බෙන් ඇයට රැකියාවකට මං පෑදිණ. 14 May 2022
බිරිඳගෙ ආදර සුවඳ විඳින්න සැමියා දිය රෙද්ද අරන් ගිහින් ස්වාමි පුරුෂයා භාර්යාවට තිබූ සෙනෙහසේ තරම දිය රෙද්දෙන් මතුවූ අපූරු පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 14 May 2022
‘කපුටු කාක්’ හෝන් ගැහිල්ලෙන් වාහනය තල්ලු කරන්න වෙලා රටේ යන රැල්ලට අනුව ඒ පිළිබඳව පුහුණුවක් ලැබීමට ගිය පුතා නිසා තම තාත්තාගේ ගමන පමා වූ පුවතක් යාපහුව රාජධනියට අයත් පිටිසර ගමකින් අසන්නට ලැබුණි. 14 May 2022
තෙල් පෝලිමට ගිය සැමියාගේ හොරේ බිරිඳට අතේ මාට්ටු තෙල් පොලිමේදී සිය සැමියාගේ තරම දැනගැනීමට හැකිවූ භාර්යාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ ඉන්ධන පිරවුම් පොළකින් අසන්නට ලැබේ. 14 May 2022
ගෝඨා ගේ කළු පටියෙන් බේරී ඇවිත් ගමට බහිද්දී අම්බානක කාලා ගාලු මුවදොර අරගල බිමේ අරගලකරුවන්ගෙන් බේරීමට බිම වැටී තිබූ ‘ගෝඨා ගෝ හෝම්’ කළු පටියක් හිසේ බැඳගෙන ඔවුන්ගෙන් බේරී ගමට ගිය පොදුජන පෙරමුණු ක්‍රියාකාරියකුට ගමේ ජනතාවගෙන් ලැබුණු ගුටි පූජාවකින් ඇඳි වතත් නොමැතිව ගෙදර යාමට සිදුවූ පුවතක් කුරුණෑගලට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 13 May 2022
සබන් ගා නාලා සතියක් ගෙදර නැවතිලා විදුලිය විසන්ධිකර තිබූ රාත්‍රියේ දිය නෑමට ගිය සැමියාට සිරුරේ ගාන සබන් කෑල්ල වෙනුවට වැරදීමකින් වෙනත් සබන් කැටයක් ගෑමෙන් සිරුර පුරා කැසීමට ලක්වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුවීමේ පුවතක් මීරිගමට නුදුරු ගමකින් අසන්නට ලැබිණි. 12 May 2022
අරගල භූමියට ගිය දුව වැල්ලේ පඳුරක් අස්සෙන් මතුවෙලා අරගල භූමියට ගිය දියණිය වැල්ලේ රෑන පඳුරක් අස්සෙන් මතුවුණු අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 10 May 2022
තෙල් පෝලිමේ හිටියාටත් ත්‍රිරෝද රියැදුරා ගාන කපාගෙන පෙට්‍රල් ලබා ගැනීම සඳහා රියැදුරා පෝලිමේ ගතකළ දවස වෙනුවෙන් කුලියද සමඟ ත්‍රිරෝද රථයේ ගාස්තුව ගෙවන්නට කුලී ගමනක් ගිය පුද්ගලයකුට සිදුවූ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි 09 May 2022
මනාලයා ගෙදරට එද්දී මනාලිය අරගලයට ගිහින් තම අනාගත සහකාරිය බැලීමට ඥාතීන් ද සමග මනමාලියගේ නිවෙසට යනවිට මනාලිය තවත් හිතවතියන් පිරිසක් සමග ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට ගිය පුවතක් පේරාදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 07 May 2022
ත්‍රිරෝද රියට පැණි බීම දාලා ත්‍රිරෝද රථ රියැදුරකු පෙට්‍රල් යයි සිතා ත්‍රි රෝද රථයේ ඉන්ධන ටැංකියට පැණි බීම දැමීමේ පුවතක් තලවකැලේ නගරය ආසන්න වතු ප්‍රදේශයකින් වාර්තා විය. 05 May 2022
බීලා රිය පැදවූ පුතාට ඇප දෙන්න ආ තාත්තාත් බීලා අසුවී එකම කූඩුවේ බීමත්ව රිය පැදවීමේ වරදට අත්අඩංගුවේ පසුවන පුතාට ඇප ලබාගැනීමට පැමිණෙමින් සිටි පියා ද බීමතින් රිය පැදවීමේ වරදට හසුව පිය පුතු දෙපළටම එකම සිර මැදිරියේ රැය ගත කරන්නට සිදු වූ පුවතක් 1 වැනිදා වේයන්ගොඩ පොලිසියෙන් වාර්තා විය. 04 May 2022
ලෙඩා ඇඳේ සිටිද්දී සාත්තුවට ආ දෙන්නා ජෝඩු දමා රෝන්දේ ගිහින් ආබාධිත පිරිමි හා කාන්තා රෝගීන් දෙදෙනකු රැක බලාගැනීම සඳහා රෝහලක යාබද වාට්ටු දෙකක රැඳී සිටි තරුණියක හා තරුණයකු හාද වී තමුන්ගේ රෝගීන්ට උපස්ථාන කිරීම පසෙක තබා දිවා කල රෝන්දේ ගිය බව කියැවෙන පුවතකි. 03 May 2022
මීයෙක් සිංදු අහන්න ගිහින් සැමියාට දවල් තරු පෙනිලා මියා පණ පිටින් බේරන්න ගොස් වටිනා කැසට් රෙකොඩරයක බෆලය අහිමි කරගත් අපුරු හාදයකු ගැන දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 02 May 2022
ආප්ප කඩේ රන් මැණිකගෙ පස්සට තට්ටු දැම්මටත් ගානක් අයකරලා රන් මැණිකා මැදිවියේ පසුවෙන කාන්තාවක් වුවද වරක් දුටු අයෙකුට නැවත වරක් බලන්නට හිතෙන තරමේ රූ සපුවකින් හෙබි ගැහැනියකි. මහ මග අසල වූ තේ කඩය ඇගේ නිවහන පමණක් නොව ජීවනෝපාය සලසා ගන්නා ස්ථානයද විය. 30 April 2022
ශාන්තියට ආ කපුරාළ බඩු මුට්ටු බිල්ලට අරගෙන දේවාලයක කපුවකු ලෙස පෙනීසිටිමින් අසනීපව සිටි විශ්‍රාමික යුවළකට විවිධ යාතිකා ශාන්තිකර්ම සිදුකර නිවසේ තිබූ වටිනා භාණ්ඩ සහ උපකරණ රැගෙන ගොස් ඇති අපූරු ආවතේවකරුවකු පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 30 April 2022
රාලහාමි දුටු යතුරු පැදිකරු වැරැද්ද මාට්ටු වෙතැයි පැන දුවලා කොළඹ ජනාකීර්ණ නගරයක ප්‍රධාන මාර්ගයක සවස්වරුවේ දැඩි රථවාහන තදබදයක් හසුරවමින් සිටි රථවාහන පොලිස් කොස්තාපල් දැක කලබල වූ තරුණ යතුරුපැදිකරුවකුට උතුර දකුණ මාරුවී මාර්ගයේ විරුද්ධ දිසාවට ධාවනය කරනු දක්නට ලැබිණි. 30 April 2022
සැමියාගේ ආලිංගන රැඟුම දුටු මායියා යක්ෂාවේශවෙලා එළිමහන් වේදිකාවේ රඟපෑමට ගොස් අලි අමාරුවක වැටුණ වඩු බාස් උන්නැහැ කෙනෙකු ගැන කුරුණෑගල ගමකින් දැන ගන්නට ලැබුණි විනෝදකාමියකු මෙන්ම පැරණි ටීටර්වල රඟපාන නළුවෙකි. ඔහු විවාහකයකු වුවද වෙනත් කාන්තාවන් සමගද ආලවන්තකම් පෑමද රහසක් නොවේ. ඒ ගැන ගමේ හැමෝම දනිති. 30 April 2022
මිතුරාගේ යතුරු පැදිය උකස් තබා ලක්ෂපතියකු වෙලා හදිසියේ රෝගී වූ තම දරුවා රෝහලකට රැගෙන යෑමට අවශ්‍ය බව පවසා මිතුරකුගෙන් ඉල්ලාගත් යතුරු පැදියක් උගසට තබා ලබා ගත් මුදලින් ඔට්ටු අල්ලා ජයග්‍රහණය කොට යතුරු පැදිකරුට ද රුපියල් දස දහසක සන්තෝසමක් දීමට තරම් ක්ෂණික ලක්ෂපතියෙකු වූ පුද්ගලයකු පිළිබඳ කියවෙන පුවතකි. 30 April 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026