නිවසක් වැටලීමකට ආ නිලධාරීන් කිහිප දෙනකු අතරින් එක් නිලධාරියකු නිවසේ කාමරයක ඇඳුම් මාරු කරමින් සිටි තරුණියක දෙස මහත් ඕනෑකමින් ජනේලයකින් බැල්ම හෙළීම නිසා ඇගේ බැණවැදීමක් සමග ලැජ්ජාවට පත්වූ ඔහු නිවසේ වැඩිහිටියන්ට නොදැනෙන සේ හීන් සැරේ මාරුවීමේ සිද්ධියක් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකින් වාර්තා විය.
ගම පුරා පැතිරී ගිය සිද්ධිය මෙසේය.
නිවෙස් හිමියා තම බිරිඳගේ සහ දරුවන්ගේ අකැමැත්ත උඩ සහ ඔවුන් බිය කරගෙන කුඩු ජාවාරම කරගෙන යන්නෙකි.
ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ නිවස වැටලීමට නගරයට ආසන්නව පිහිටි සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලයක නිලධාරීන් පිරිසක් ඉකුත් දිනෙක මධ්‍යම රාත්‍රියේ එම නිවසට පැමිණියහ. මෙය ඉවෙන් මෙන් දැනුණ ජාවාරම්කරු තමන්ගේ වැඩිමල් ගැහැනු දරුවන් දෙදෙනා අසල පිහිටි ආච්චි අම්මාගේ නිවසේ රඳවා බිරිය සහ කුඩා දැරිය රැගෙන පලාගියේ නිවසේ පස්ස දොරෙනි.
නිවසේ ගේට්ටුව සහ දොර ජනේලවලට ඉබි යතුරු දමා තිබූ හෙයින් ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා පැමිණි නිලධාරීන් ආපසු හැරී ගොස් තිබේ. ආච්චි අම්මාගේ නිවසේ රැය ගත කළ තරුණියන් දෙදෙනා පසුවදා උදේ තමන්ගේ නිවසට ගියේ පන්ති යාමට සුදූනම් වීමටය. ඒ වනවිට උදේ හත පමණ වී තිබිණි.
පෙර රාත්‍රියේ ආ නිලධාරීහු ආපසු මේ වෙලාවට ඇවිත් නිවස හැම පැත්තෙන්ම වැටලූහ. සමහරුන් නිවසේ වහලෙන් නිවසට තුළට ඇතුළු වන්නට උත්සාහ කළහ. ඒ කිසිවක් කරගන්නට ඔවුන්ට නොහැකි විය. ජාවාරම්කරු නිවසේ නොසිටි අතර සිටියේ තරුණියන් දෙදෙනා පමණි. ඉන් වැඩිමල් තරුණිය කාමරයේ ඇඳුම් මාරුකරමින් සිටියාය.
ඒ වනවිට නිවස වැටලූ එක් නිලධාරියකු නිවසේ ජනේලය තුළින් කාමරයේ ඇඳුම් මාරුකරමින් සිටි තරුණිය දෙස මහත් ඕනෑකමින් බලාගත් දෙසම බලා සිටියේය. මෙය දුටු තරුණිය දැඩි අපහසුතාවට පත්වූවාය. ඇය නිලධාරියා දෙස බලා මහා හයියෙන් දොස් නැගුවාය.
ඒ සමගම නිලධාරීන් කිහිප දෙනෙකු පස්සා දොරෙන් නිවසට ඇතුල් වී සෝදිසි කරන්නට පටන් ගත්හ. කිසිවක් අත්අඩංගුවට ගැනීමටද නොහැකි විය. නිලධාරීන් ආපසු යාමට හැරුණාහ. තරුණිය ළඟට විත් ‘‘කෙනෙක්ව අල්ලන්න ආවානම් ඒ කෙනා අල්ලාගෙන යනවා මිසක් ඇඳුම් මාරු කරන ගැහුනු ළමයි දිහා බලාගෙන ඉන්නේ මොන ලැජ්ජා නැති කමකටද?’’ කියා කාටත් ඇහෙන සේ බැණ වැදුනාය. නිලධාරීන්ට මෙය ප්‍රශ්නයක් විය
අදාළ නිලධාරියා අඩියට දෙකට පස්ස නොබලාම එළියට පැන ගියේය. බලා සිටි අසල්වැසියන්ටද මෙය කන වැකුණි.
මොදර සී. ඉග්නේෂස් ඇන්තනී
2025 නොවැම්බර් මස 04
66
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳුම් මාරුකරන ළඳට බැල්ම හෙළා වැඩේ වැරදිලා
බී අමරසිංහ Sunday, 12 June 2022 11:15 AM
ඕවා ප්ලෑන් කරලා කරන වැඩ.. ගැහැණු කෙනෙක් ඇඳුම් මාරු කරන කොට පොලීසිය ඇතුළට යන්නේ නෑ...
Like Monday, 13 June 2022 08:20 AM
ලැජ්ජයි ඔහොම බලන අයව රිමාන්ඩ් කරන්න ඕනේ..