අලුත ගෙනා ලේලිය නැන්දම්මාට බලු පිඟානේ සම්බෝල හදලා අලුත ගෙනා ලේලිය සැකසූ කෑම වේල දැක නැන්දම්මාට යක්ෂයා ආරූඪ වූ පුවතක් පන්සියගම පොලිස් වසමෙන් වාර්තාවේ. 08 July 2022
වැඩි පරෙස්සමට ගිහින් තෙල් ටික පිනට දීලා අවශ්‍යම දේකට ගමනක් බිමනක් යාමට යතුරුපැදියේ ඉන්ධන ටික ඉතිරි කරගැනීමට යෙදු උපක්‍රමය වැරැදී අත්‍යාවශ්‍ය ගමනක්වත් යාමට නොහැකිව යතුරුපැදිය මහ රාත්‍රියේම කිලෝමීටර් දෙකතුනක් තල්ලුකර ගෙන ඒමට සිදුවූ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි. 07 July 2022
කතකගේ ඇඟ අත ගාලා තෙල් පෝලිමකින් හොඳටම කාලා මහ මග ගමන් කළ කාන්තාවකගේ ශරීරය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට ගොස් අම්බානක ගුටි කෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් පසුගිය දිනක මහනුවර නගරයෙන් වාර්තා විය. 07 July 2022
මල් වඩම ගන්න ලොක්කා දුන්න සල්ලිවලින් සේවකයෝ අඩි ගහලා ඉන්ධන අර්බුදය හමුවේ සිය සේවකයාගේ පියාගේ මළගමට සහභාගිවීමට නොහැකිවීම නිසා තමාගේ හා ආයතනයේ සෝකය ඇතුළත් වටිනා මල් වඩමක් තබන්න කළ ඉල්ලීම අකුරටම ඉටු නොකර එහි මුදල් ගල්කර ඇඟ රත්කර ගෙන නාගත් සේවකයන් දෙතුන් දෙනකු ගැන අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ. 07 July 2022
එක්කෙනකුගේ කටට රොත්තක්ම පෝලිමේ දින ගණනාවක් තිස්සේ සාමකාමීව පෝලිමේ රැදී සිට තෙල් පැමිණි අවස්ථාවේ දී 02 වැනිදා රාත්‍රියේ දී කළහකාරි ලෙස හැසිරුණු තැනැත්තකුට අත පය හිරි හැරෙන්නට තලා පෙළා පැත්තකට දමා ඔහු මට්ටු කරන්නට තෙල් පෝලිමේ සිටි පිරිසක් විසින් පියවර ගත් පුවතක් කුරුණෑගල බඩගමුව අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල අසලින් අසන්නට ලැබුණි. 04 July 2022
තෙල් සල්ලිවලින් සොමි කරලා තෙල් ගහන්න පොලියට ගන්න වෙලා සංචාරක ව්‍යාපාරවල නියුතු බොහෝ දෙනකු ඉන්ධන ලබා ගැනීමේ අරමුණෙන් අලුත්ගම නගරයේ එක දිගට දිවා රාත්‍රී ඉන්ධන තෙල් පෝලිම්වල සතුටින් විනෝදෙන් ගතකර ඉන්ධන ගහන්න ගෙනත් තිබූ මුදල් මිතුරන් කණ්ඩායමක්, වියදම් කර පසුව නැවත වාහනවලට තෙල් ගහන්න පොලියට මුදල් ගන්න සිදු වූ පුවතක් වාර්තාවිය. 02 July 2022
සැමියාගේ වැඩි පරෙස්සමින් නෝනා මහ පාරේ දමා ගිහින් අසරණකමට පිළිසරණක් වන්නට ගිය අවස්ථාවේදී මතුකර ගත් සැකයක් නිසා කාන්තාවක අතරමං වූ පුවතක් පොල්පිතිගම අවට ගම්බද පෙදෙසකින් අසන්නට ලැබුණි. 01 July 2022
තෙල් ටැංකියේ යතුරු කටෙන් කොන්ත්‍රාත්තුව එළිවෙලා අත්‍යවශ්‍ය සේවය සඳහා යයි කියමින් තෙල් ලබා ගන්න පිරවුම්පොළකට ගිය නිලදරුවකුගේ රෙදි ගැලවී ගිය අපූරු කතාවක් දකුණෙන් වාර්තා වෙයි. 30 June 2022
අමුතු කෑමක් කා රැයක් නිදි වරලා යහළුවකුගේ උපදෙස් පරිදි කෑමට අමුතු කෑමක් සපයාගෙන ආහාරයට ගත් රාජ්‍ය ආයතනයක සේවක පිරිස් වමනය දමා දැඩි අපහසුතාවකට පත් වූ පුවතක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි. 29 June 2022
කේන්දර බලන ගාස්තුව ඩීසල් පෙට්රල්වලින් ඉල්ලලා කේන්දරයක පලාපල විස්තරයක් බැලීමේ ගාස්තුව ඉන්ධන ලීටර් දෙකකින් ගෙවන ලෙස කළ දැනුම්දීමෙන් පසු කේන්දරය බලවා ගැනීම පසෙකලා ආපසු ගිය කාන්තාවක පිළිබඳව මීරිගමට නුදුරු ගම් පියසකින් වාර්තාවිය. 28 June 2022
හොරෙන් ඇද්ද තෙල් අයිතිකරුටම කරකැවී ඇවිත් අවශ්‍යතාවක් සඳහා නතර කර ගිය යතුරු පැදියේ ඇද්ද තෙල් යතුරු පැදි අයිතිකරුටම අලෙවි කළ දෙදෙනකු පිළිබද ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 27 June 2022
කොරෝනාවෙන් පරිස්සම්වෙන්න ගිය බෑනා නැන්දම්මාගේ ඇඟ මත පතබෑවිලා කොරෝනා වෛරසයෙන් ඕනෑවට වඩා පරිස්සම් වීමට ගොස් මහ රෑ නැන්දම්මාගේ ඇඟමතට බෑනා ඇද වැටීමෙන් සිදු වූ අකරතැබ්බයක් අම්පාරේ ඈත එපිට ගමකින් වාර්තා වේ. 25 June 2022
පෙම්වතියට රැකියාවක් ලැබුණාම පෙම්වතාගේ රැකියාව අප්පිරියාවෙලා ඔහු නගරබද ජීවත්වෙන විසිපස් වියැති තරුණයෙකි. රැකියාව වාහන සර්විස් ආයතනයකය. ගම්බද තරුණියක වූ ඔහුගේ පෙම්වතියගේ උවමනා එපාකම් ඔහු නිතර සොයා බැලුවේය. වැටුප් ලද විට ඇයට ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් ගෙනවිත් දීම ඔහුගේ සිරිතය. 25 June 2022
කන්තෝරු යාළුවාගේ මඟුල් ගෙදර ගිහින් පාරෙ හෝටලේක අතරමං වෙලා මංගල සාදය පැවැත්වෙන ස්ථානයට යැයි සිතා හෝටලයකට ඇතුල් වී දිවා ආහාරය ගත් පුද්ගලයෙකුට මංගල උත්සවයට දීමට රැගෙන ආ මුදල ගෙවා ආපසු ඒමට නොහැකිව අතරංම වූ පුවතක් අනුරාධපුර නගර සීමාවෙන් අසන්නට ලැබුණි. 25 June 2022
අමුතු යෝගට්එකෙන් කට දිව වනවී තරු පෙනිලා වෙරි මරගාතේ යෝගට් යැයි රැවටී විටට ගන්නා හුණු කෑමෙන් දිව හා මුඛය තුවාල වී දින ගණනාවක් ආහාර ගැනීමට නොහැකිව සිටි ගැමියකු පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ දුර බැහැර ගම්මානයකින් වාර්තා වෙයි. 25 June 2022
දුවගේ අනියම් පෙමට මැදිවුණ තාත්තා බෑනාට තඩිබාලා අනියම් පෙමක පැටලී සිටි සිය දියණියගේ පැත්ත ගත් පියෙකු බෑනාට පහර දී දියණිය ආපසු සිය නිවස වෙත කැඳවාගෙන ගිය බව කියවෙන පුවතක් කන්දකැටිය පොලිසියෙන් වාර්තා වේ. 25 June 2022
අන්තර්ජාලයෙන් හමුවූ පෙම්වතා පෙම්වතියට ලක්ෂ 18ක පොල්ලක් තියලා අන්තර් ජාලයේ සැරි සැරූ ඇයට මිතුරකු මුණ ගැසිණි. ඒ ඉන්දියානු ජාතිකයෙකි. 25 June 2022
ආල හැඟුම් දීලා පෝනයත් එක්කම මාරුවෙලා මංගල උත්සවයක දී හඳුනාගත් යහළුවකුට සමීප වූ කාන්තාවක ඔහු සතු වටිනා ජංගම දුරකතනය රැගෙන පලා ගිය පුවතක් තඹුත්තේගම නගරය අවට මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි. 24 June 2022
තෙල් හොරා දැක්කාම ව්‍යාපාරිකයාට දෙලෝ රත්වෙලා නිවසේ නතර කර තිබෙන රථ වාහනවල තෙල් අදින හොරා පොලිසියට අල්ලාදීමට ගොස් රෙදි ගලවා ගත් ව්‍යාපාරිකයකු පිළිබඳව කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 23 June 2022
ගෑනු මායමකට අහුවී ගෑස් සිලින්ඩරයක් නොමිලේම ගෙට ඇවිත් යොවුන් වියේ මැදියමට පැමිණ ඇති ඇය විවාහක එක්දරු මවකි. ස්වාමියා අසල්වැසි ගමේ තේ කම්හලක, අමුතේ දලු ප්‍රවාහනය කරන ට්‍රක් රථ රියැදුරෙකි. 22 June 2022
අක්කයි නංගියි දෙන්නම එක්ක පවුල් කන්න ගිය අනංගයා කූඩුවට අපුරු අක්ක නගෝ දෙදෙනකුගේ අප්‍රසන්න කතාවක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී අසන්නට ලැබුණි. අක්කාගේ වයස අවුරුදු විස්සක් වන අතර නංගිගේ වයස අවුරුදු පහළොවකි. 20 June 2022
හැට හතර මායමට රැවටී බයික් එකට තෙලුත් ගසා කන්නත් අරන් දීලා හැට හතර මායම්වලින් දෙකක් තුනක් පමණ විසිකර තෙල් පෝලිමේ සිටින අතරතුර බඩකට පිරෙන්න කා ඇතැම් අවස්ථාවල දී නොමිලයේ තෙල් ටික ද ගසා ගන්නා කාන්තාවක පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 18 June 2022
අන්දවා තොරතුරු දැන අසල්වැසියා කනෙන් රිංගලා ගාල්ල නගරයට නුදුරු අර්ධ නාගරික ප්රදේශයකි. මේ දිනවල පවතින ඉන්ධන අර්බුදයෙන් මෙම ප්‍රදේශවල ජනතාවට ද එමට ගැටලු ඇති වී තිබේ. 17 June 2022
තෙල් ගහන්න සල්ලි නැතිව යතුරුපැදිය සේල් එකක දාලා ඔහු තැපැල් සේවකයෙකි. විවාහක දෙදරු පියෙකි. දිනපතා තම රාජකාරි කටයුතු සඳහා කැප වීමකින් කටයුතු කරන මොහුට රැකියාවෙන් ලැබුණ මුදලින් දරුවන් දෙදෙනා සහ බිරිය නඩත්තු කිරීමේ බර හිස මත තබා ගත් ගැමියෙකි. 16 June 2022
පියන්ට බයවෙලා: ලොක්කා මාරුවෙලා ලොක්කා වගේ වැඩ පෙන්වමින් සිටි කාර්යාල ලොක්කා දඬුවම් මාරුවක් ලබා පොඩ්ඩකු පැමිණීමත් සමගම වහාම ස්ථාන මාරුවක් ලබා ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 15 June 2022
රේක්කයෙන් 90 ක් කඩාගන්න ගිහින් අතේ මාට්ටු වෙලා රුපියල් තුන්සියයකට මිල නියම කර තිබූ රේක්කය රුපියල් අනූවක් වැඩියෙන් මිල වැඩි කර විකිණීමට ගත් උත්සාහයක් කළගෙඩිහේනට නුදුරු ගමකින් වාර්තා විය. 14 June 2022
ඇඩ්රස් වැරදිලා ජල නළෙන් ගෙට හුළං ඇවිත් ජල සැපයුම් විසන්ධි කරන සේවකයාගේ ලිපිනයට අයත් නිවෙස මාරුවී වෙනත් නිවසක ජල සැපයුම විසන්ධි කිරීමේ පුවතක් නුගේගොඩ ඇඹුල්දෙණිය බෝධිය පාර ප්‍රදේශයෙන් වාර්තා වේ. 13 June 2022
ඇඳුම් මාරුකරන ළඳට බැල්ම හෙළා වැඩේ වැරදිලා නිවසක් වැටලීමකට ආ නිලධාරීන් කිහිප දෙනකු අතරින් එක් නිලධාරියකු නිවසේ කාමරයක ඇඳුම් මාරු කරමින් සිටි තරුණියක දෙස මහත් ඕනෑකමින් ජනේලයකින් බැල්ම හෙළීම නිසා ඇගේ බැණවැදීමක් සමග ලැජ්ජාවට පත්වූ ඔහු නිවසේ වැඩිහිටියන්ට නොදැනෙන සේ හීන් සැරේ මාරුවීමේ සිද්ධියක් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකින් වාර්තා විය. 11 June 2022
කලට ඔබින වෙළෙඳාමකට ගිහින් මදි නොකියන්න කුකුල්ලු කොටලා ‘‘කල දුටුකල වළ ඉහගැනීමට ගොස්” කුකුල් ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් කටුගස්තොට නගරාසන්න ගම්මානයකින් වාර්තා වේ. 11 June 2022
ලේලිගෙන් වී ගෝනි බේරාගන්න ගිය නැන්දම්මාට සර්ප බියක් ඇතිවෙලා වී ගෝනි සහ කුරුඳු දර තොගය ලේලියගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඒ අසල ඇඳක් තබා නිදාගත් යුවළක කාන්තාවට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 11 June 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026