දේවාලයේ සිටි ඌරා වාහනයේ හැප්පු අයට ශාප කරනවා කියා තරුණ දේව මෑණියන් යැයි හඳුන්වාගත් කාන්තාවක් මිය ගිය ඌරකු බදාගෙන හඩා වැළපෙන විට ඌරා හැපුණු ලොරියේ රියදුරු ලොරිය පණගන්වා වේගයෙන් ධාවනය කිරීමෙන් පසු ඌරා මස් කර විකිණීම සිදු කළ කාන්තාවක් පිළිබඳ අම්බලන්තොටට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.
සිද්ධිය වාර්තා වන ආකාරයට මෙසේය,
දුර ගමන් යන ලොරි රථයක් එළිවෙන පාන්දර ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන විට මාර්ගයේ පාර මාරුවෙමින් සිටි ඌරෙක් ලොරි රථ රියදුරා දැක ඇත. ගෝලයාගේ කටටද කෙල උනා ඇති හෙයින් ලොරි රථයෙන්ම ඌරා යටකර මරා දමා ඌරාගේ සිරුර ලොරියේ පටවාගෙන යෑමට ලකලෑස්ති වනු දුටු අසල්වාසී තරුණ කාන්තාවක් එම ස්ථානයට කඩා වැදී මර ළතෝනි දෙන්නට වූවාය.
‘‘අනේ අපොයි මගේ දේවාලයේ ඌරා මරලා දාලා මේ අපරාධය කරපු උන්ට නම් ශාප කරනවා. යන්න දෙන්න දෙන්නේ නෑ. මගේ ඌරාගේ බෙල්ලේ රත්තරන් ගෙජ්ජියකුත් බැඳලා තිබුණේ. ඒ රත්තරන් ගෙජ්ජත් නැහැ. ඒකත් ගලවාගෙන ’’ කියා මර හඩ නගන විට ලොරි රථයේ රියදුරු හා ගෝලයා බියෙන් බිරාන්ත වී ඌරු මස් කෙසේ වෙතත් රත්තරන් ගෙජ්ජකුත් දෙන්න වෙන බව පවසා හනිකම එම ස්ථානයෙන් ලොරි රථය පන ගන්වා පලා යන්නට විය.
වේගයෙන් පලා යන ලොරි රථය දැක මෙම කාන්තාව කියා සිට ඇත්තේ එහෙනම් මගේ ගැටයට අහුවුණා මට ඇති දේවාලයක් නැහැ. කියමින් එළිවෙන පාන්දරම මියගිය ඌරාගේ සිරුර ගෙදරට ගෙන ගොස් තවත් අසල් වාසින් කිහිප දෙනකු සමඟ ඌරා මස්කර අලවි කිරීම සිදු කර එදා දවසේ ගානක් හොයාගත් ආකාරය ගමේ අය කියන්නේ මේ කාන්තාවගේ වැඩ ගැන තවත් බොහෝ කථා ඇති බවයි.
අම්බලන්තොට සනත් ගමගේ
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කපටි කත කඩාවැදී ලොරි රියැදුරුගේ ඌරු මස් සිහිනය බොඳවෙලා