IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


යතුරුපැදි ඉන්ධන කාඩ්පතෙන් සැමියාගේ අනියම් පෙම බිරිඳට අහුවෙලා

රජයේ රැකියාවක නියුතු  යුවළකගේ යතුරු පැදි දෙකක් සඳහා ඉන්ධන ලබා ගැනීමට ජාතික  ඉන්ධන  කාඩ් පත සකස් කිරීමේ දී සිදු වූ ආරාවුලකින්, අනියම් සම්බන්ධයක් හෙළිවීමේ පුවතක් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්බද ගම්මානයකින් අසන්නට ලැබේ.


 ඇය සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක ලෙස පදිංචි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් පිට වසමක සේවය කළාය. ඔහු පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  කෘෂි  පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර  නිලධාරියකු ලෙස තම නිවස පිහිටි වසමේ සේවය කළේය.


  රජය හඳුන්වා දුන්  ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය ජාතික ඉන්ධන කාඩ් පත මේ දෙදෙනා විසින්ම සකස් කර ගත්තේ අවශ්‍ය පෙට්ට්‍රල් ප්‍රමාණය හිඟයකින් තොරව  ලබා ගැනීමේ  අදහස ඇතිවය. ඉන්ධන නිකුත් කිරීමේ පිරවුම් හල් වෙත යතුරු පැදි දෙකම, වරින් ,වර ගෙන ගොස් පෙට්ට්‍රල් ලබා ගැනීම බිරිය විසින් සිදු කර ගැනීමට පුරුදු වී සිටියේ  යතුරු පැදියෙන් ගමන් බිමන් යාමත්, රාජකාරි වැඩට යාමත් බිරිය සිදු කළ යුතු බැවිනි.


 මේ අතර දිනක්  පිරිමි පුද්ගලයා තමා සතු යතුරු පැදිය, මිතුරකුගේ ගමනක් යාමට දින කීපයකට ගෙන ගොස් දීමට අවශ්‍ය වී ඇතැයි, බිරියට පවසා, යතුරු පැදිය රැගෙන ගියේය. දින කීපයක් ගත වූවද යතුරු පැදිය මිතුරාගෙන් ඉල්ලා ගෙන ඒමට  ස්වාම් පුරුෂයා  උනන්දුවක් නොදක්වන බව වටහා ගත් බිරිය, යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට පිරවුම් හල වෙත පැමිණෙන්නේදැයි විපරම් කර බැලීමට ඇය  පියවර ගත්තේ ස්වාමි පුරුෂයාට දැන ගන්නට ඉඩ නොතබමිනි.


  බිරිය  රාජකාරි සඳහා යාමට පෙට්රල් ලබා ගැනීමට තෙල් පිරවුම් හලට ගොස් තෙල් පෝලිමේ සිටින විට, තම ස්වාමි පුරුෂයාගේ යතුරු පැදියට සමාන අංකයක් සහිත යතුරු පැදියක්, සුරූපී, ජේත්තුකාර තරුණියක විසින් පැදගෙන විත්  තමාට ඉදිරියෙන් තෙල් පෝලිමේ සිටින බව දැක ගන්නට ඇයට හැකි විය. තමන් මේ දකින යතුරු පැදිය  වෙනත් අංකයක එකක් දැයි දැන ගැනීමට, පළාත්  සංකේත කරන ඉංග්‍රීසි අකුරු සමග අංකය පැහැදිලි කරගැනීමට ඉතාමත්ව ළංවී යතුරු පැදියේ අංක තහඩුව  ගැන විමසිලිමත්ව විපරම් කර බැලුවාය.


  තමන්ගේ යතුරු පැදියේ අංක තහඩුව ගැන විපරම් කරන  කාන්තාව ගැන සැක සිතූ තරුණිය,  ඇයි අක්කෙ, බයිසිකලේ ගන්න ද බැලු‍වෙ ? යැයි ඇසුවාය. ඒ වන විට  නිවැරදිවම මේ යතුරු පැදිය තමන්ගේ ස්වාමි පුරුෂයා සතු යතුරුපැදිය බවට හඳුනාගෙන සිටි ඇය,“ නෑ නංගි  මගේ යතුරු පැදියට වඩා ටිකක්  ජෙන්ටමල්, හැඩේ බයිසිකලේ නිසා බැලු‍වේ.   

මොකක්ද නංගිගෙ නම. කොහේද  පදිංචි, රක්ෂාවක් කරනවද? යනුවෙන් කාන්තාව තරුණියගෙන් දිගටම ප්‍රශ්න කරගෙන ගියේ සුහද ලීලාවෙනි. ඇය තරුණියට සැක නොසිතෙන පරිදි  කථා කරගෙන ගියේ, තොරතුරු දැනගෙන  අසුවුණ හොරය ගැන ස්වාමි පුරුෂයාට නිවැරදිවම කරුණු කියා පෑමේ අදහස  ඇතිවය.


    “අක්කේ මේ බයිසිකලේ මගේ නොවෙයි,  මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ. මම ටික දවසකට ඉල්ල ගත්තා සතියක පුහුණු කඳවුරකට යන්න.


  හොඳයි නංගි යමු. තෙල් පෝලිමත් පොම්පේ ළඟටම ආවා. කියා  කාන්තාව තරුණිය සමග කළ කථා බහ හමාර කර ඉන්ධන ලබා ගැනීමට  යතුරු පැදිය ළඟට ගියාය.


   රාජකාරියට ගොස් ගෙදර පැමිණි බිරිඳ වෙනදා නොමැති හැසිරීම් රටාවකින් කට යුතු කිරීම ගැන ගැන විපරම් කළ ස්වාමි පුරුෂයා“ අද මොකද මුහුණ  පුම්බගෙන, මගදී කරදරයක්වත් වුණාදැයි ඇසීය.


ඔහුගේ ඇඟට කඩා පැන්න බිරිඳ අර..... ...කෙල්ලට තමුසෙ බයිසිකලේ දුන්නෙ  මොන යාළුකමකටද? යාළුවට දීපු  බයිසිකලේ පැදගෙන තෙල් ගහන්න ආවෙ යෙහෙළියක්. ඒකි මට ඔක්කොම විස්තරේ කිව්ව. අදම, දැන්මම ගිහින් බයිසිකලේ ගේනව හොඳයි. ඉතුරු හරිය මම පස්සෙ බලාගන්නම්.


 සිදුවී ඇති පලහිලව්ව තේරුම් ගත් ස්වාමි පුරුෂයා මුවින්  නොබැන නිවසින් පිටව ගියේ හොරේ අද අතටම අසුවුණා යයි තමන්ටම කියා ගනිමිනි.

 මාවරල පී.එස්. මද්දුමගේ



අදහස් (1)

යතුරුපැදි ඉන්ධන කාඩ්පතෙන් සැමියාගේ අනියම් පෙම බිරිඳට අහුවෙලා

Mangala Saturday, 30 July 2022 01:34 AM

මේක මේ සුලු කේස් එකක් නේ. ස්වාමි පුරුෂයාට කියන්න තිබුනේ එක දෙයයි. බයිසිකලේ දුන්නෙ පිරිමි යාලුවෙකුටම මිසක් වෙන කෙනෙකුට නොවන බවත් එම යාලුවා බයිසිකලය යාලුවාගේ පෙම්වතියට හෝ නංගිට පාවිච්චියට දී ඇති බව නොදන්නා බවත්ය

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site