IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගෙදරම බීලා ඩෝප් වැඩිකමට ගේ හොයාගෙන ගිහින්

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
 තමන්ගේ ගෙදරම මිතුරන් හා මත්පැන් පානය කර සූර් වී  ත්‍රිරෝද රථයකින් තමන්ගේ ගෙදරම සොයා ගිය පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා නගරයකින් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය, 


ඔහු සිය මිතුරන් සමඟ සතියකට කිහිප වතාවක් මත්පැන් සාද පැවැත්වීමට පුරුද්දක් කරගෙන සිටියෙකි.  මෙම මිතුරන් මාරුවෙන් මාරුවට එකිනෙකාගේ නිවෙස්වල මත්පැන් සාද පවත්වන අතර මෙදින මෙම මිතුරාගේ නිවෙසේ සාදය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ එදින ඔහුගේ බිරිය සිය මහගෙදර ගොස් පැමිණෙන්නේ සවස් යාමයේ බැවිනි.


ඔවුන් එදින සිය මත්පැන් සාදය ආරම්භ කර ඇති පදම් මත්පැන් පානය කර විනෝද වී ඔහුගේ නිවෙසින් පිටව ගොස් ඇත්තේ ඔහුගේ බිරිය පැමිණීමට නියමිත වෙලාව පැමිණි පසුවය. 


ඔහු මිතුරන් ඇරලීම සඳහා නිවෙසේ සිට ප්‍රධාන මාර්ගය දක්වා ගොස් ඇති අතර මිතුරන් පිටව ගිය පසු සූර්පිට සිය නිවෙස වෙත යාමට ත්‍රිරෝද රථයකට ගොඩව ඇත්තේ සිය නිවස ආසන්නයේ සිටම කල්පනාව ගිලිහී ගොස් සිටි බැවිනි. ත්‍රිරෝද රථයට ගොඩවූ ඔහු “ඔහොම යමු මල්ලී”‍ යයි පවසා ඇත්තේ ඔහු එදින මත්පැන් පානය කළේ මිතුරකුගේ නිවෙසේ බව සිතමිනි. 


නිවෙසට ගිය මිතුරෙකු ඔහු අමතා ඇත්තේ අධික බීමතින් සිටි බැවින් ඔහුගේ තත්ත්වය පිරික්සීම සඳහාය. “අවුලක් නැහැ මචන් මම මේ ත්‍රීවීල් එකකින් ගෙදර යන ගමන්”‍ යැයි පවසද්දී අන්දුන් කුන්දුන් වූ මිතුරා මචන් අද අපි පාටිය දැම්මේ උඹලාගේ ගෙදරනේ යැයි පවසද්දී වෙරි පිට තමන්ට එයත් අමතක වී ඇති බව පසක් වූ ඔහු යළිත් ත්‍රිරෝද රථය හරවා ගෙන ආපසු නිවෙසට ගොස් ඇත්තේ අධික දුරක් ගිය බැවින් ත්‍රිරෝද රථයට හොඳ මුදලක් ගෙවා දමමිනි.



අදහස් (0)

ගෙදරම බීලා ඩෝප් වැඩිකමට ගේ හොයාගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site