IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නෝනා මේසෙ යට හැංගිලා මහත්තයාගේ සායම හේදිලා

මොරගොල්ලාගම සිසිර කැලේගම
සම්මාදමේ ගිය උපාසිකාවන් පිරිසකට ඉස්කෝලේ ලොකු නේනා දුන් ප්‍රතිචාරය නිසා ලැජ්ජාවට පත් සැමියා බිරිය සමඟ ඇතිකර ගත් ගැටුමක් සමථයකට පත්කරන්නට ගමටම සම්මාදම් වෙන්නට වූ පුවතක් රජරට පුරවරයේ කලාවැව අවට ගමකින් වාර්තාවේ.


ගම්බද පෙදෙසක පුරාණ පන්සලකි.


පන්සලේ දායක දායිකාවන් පන්සලේ දායකත්වය වෙනුවෙන් එහි උන්නතියට මුදලක් බැර කළ යුතු යැයි නායක හිමියෝ ඉල්ලීමක් කළහ.


ඊට අවනත වූ පිරිස් අතරින් ඇති හැකි අය ගෙවිය යුතු මුදල එකවර ගෙවූහ.එවැනි හැකියාවක් නැති අය විවිධ ක්‍රම මගින් එම කොටස පියවීමට කල් ඉල්ලා ගත්හ.


ඒ අතර උපසිකාවෝ පිරිසක් සම්මාදමේ ගොස් උපයන දේ මුදල් බවට පත්කර එය ගෙවීමට අදිටන් ගත්හ.


උපාසිකාවන් කීප දෙනකු අවට ගම්වලට සම්මාදමේ යාම සඳහා පිටත් වුණේ එම මුදල සෙවීමේ අපේක්ෂාවෙනි.


යාබද ගමක ප්‍රසිද්ධියක් උසුලන නිලධාරියෙකුගේ නිවසකි. එම නිලධාරියාගේ බිරිය ද ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් උසුලන පාසලක ලොකු නෝනා කෙනෙකි. ඔවුනගේ දරුවන් ද ඉංජිනේරු හා දොස්තරවරු වෙති.


මේ නිසා දන්නා හඳුනන සම්මාදමේ ගිය පිරිස එහි ගියේ සම්මාදමට යමක් අරගෙන වතුර ටිකක් ඉල්ලාගෙන බී එහි නැවතී ටිකක් විවේක ගැනීම උදෙසාය.


ඒ අනුව ඔවුහු එම නිවසට යාමට ගේට්ටුවෙන් ඇතුල් වූහ.නිවසේ ලොකු නෝනා රැඳී සිටින අයුරු සම්මාදමේ ආ පිරිස ඈත සිටම දුටුවෝය.ඔවුහු එළියේ රැඳී සිටියහ. ඒ ඇය යමක් සම්මාදමට අරගෙන ඉදිරියට එයි කියාය.


කොතෙක් සිටියත් ඇය එන පාටක් නැත. මේ නිසා කටකාර උපසිකාවක් කුස්සිය පැත්තෙන් ගෙට එබිකම් කර බැලුවාය.


කිසිවෙක් පෙනෙන්නට නොවීය. උපාසිකාව කුස්සිය අතරින් කාමරයට ද එබිකම් කරද්දී උපාසිකාව යමක් දුටුවාය. අතින් සංඥා කොට අනිත් අයටත් එන්නට ඇරියුම් කෙරුවාය.


ඔවුහු ද වහ වහා එතැනට දිව ගියහ. ඒ කිසිවක් ලොකු නෝනා දන්නේ ද නැත.


“මේ බලපල්ලා සම්මාදමට යමක් දෙන්න වෙයි කියලා ඉස්කෝලේ නෝනා මේසේ අස්සට රිංගලා. මොකවත් දෙන්න නෑ කිව්වා නම් අපි යනවානේ. ඕකට ඉතිං ගෙදර වැඩ පාළු කරගෙන මේසේ අස්සේ රිංගන්න ඕනෑ යෑ.”


කටකාර උපාසිකාවක් දෝස් මුරේ දමමින් කියාගෙන කියාගෙන ගියාය.


අනිත් අයද කොක් හඬලා සිනා සෙමින් හිස් අතින්ම එතැනින් පිට වුණත් නෝනා මේසේ අස්සෙන් එළියට ආවේ නැතිලු.


ලොකු නෝනාගේ කෙරුවාව ගම වටා පැතිරුණේ විදුලි වේගයෙනි.


සම්මාදමේ එන විට නෝනා මේසේ අස්සේ රිංගපු කතාව ඇයගේ ස්වාමියා වූ ප්‍රසිද්ධියක් උසුලන තැනැත්තාට ද දැන ගන්නට ලැබුණි.
 ඇය කර තිබෙන නොවටිනා ක්‍රියාව නිසා සමාජයට මුහුණ දෙන්න බැරි නිලධාරියා ඉස්කෝලේ නෝනා වූ තම බිරිය සමඟ ඇති කර ගත් වාදය කෙළවර නොවිණි.


අවසානයේ එදා මෙදා තුර සාමකාමීව පැවතුණු නිවෙසේ සම්මාදමක් නිසා ඇති කර ගත් ගැටුම සමථයකට පත්කරන්නට ගමේ අයටත් සම්මාදම් වෙන්නට සිදු වුණාලු.

 



අදහස් (1)

නෝනා මේසෙ යට හැංගිලා මහත්තයාගේ සායම හේදිලා

himal Thursday, 21 July 2022 09:18 AM

කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් යමක් දෙන එකයි... මේක දෙන්න ඕනෑ.. දුන්නේ නැත්නම් අපහාස කරන එකයි වෙනයි. හාමුදුරුවන්ගේ නම් ගම් එක්කත් දැම්මා නම් හරි, එහෙම දායකයින්ගෙන් සල්ලි එකතු කරන එක ගැන. තමන්ගේ ළමයි ඉගෙන ගත්තු එකයි, තමන් රස්සා කරන එකයි සම්මාදමේ එන්න හේතුවක්ද? එහෙම පිට අයගේ ගෙවල්වලට කුස්සියෙන් රිංගනවා කියන්නේ ජානවල වැරැදි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site