IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අයියාට වරද්දන්න ගිය කචල් මල්ලි වැඩේ කාගෙන

එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් දෙදෙනාම නැත. වැඩි මහල් සහෝදරයා දුක්  මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබිමට වරම් නොලැබුණි. මේ අතර අයියා මහන්සියෙන් දියුණවට පත්ව සමාජයේ කැපි පෙනෙන පුද්ගලයකු බවට පත් වූයේය.


එහෙත් අයියාගේ අවාසනාවට මෙන් මල්ලි පදිංචි වූයේ ඒ අසලමය. මල්ලි බීමත්ව පැමිණ නිතර නිතර අයියාගේ දියුණුව ඉවසාගත නොහැකිව බැණ වදින්නට විය. මේ නිසා ගමේ අය ඔහු හැඳින්වුයේ කචල් මල්ලි කියාය. අවස්ථා කිහිපයක්ම කචල් මල්ලී  පොලිසියට කැඳවා උපදෙස් දුන්නත් වැඩක් නොවීය.


මේ අතර අයියාගේ දියණිය බැලීමට මනමාලයකු පැමිණි අවස්ථාවේ කචල් මල්ලි බීමත්ව පැමිණ නොයෙක් දේ කියමින් අයියාගේ පවුල ලැජ්ජාවට පත් කළේය. එහෙත් පැමිණි පිරිසට අයියා කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ ඕවා සාමාන්‍ය දේවල්  බවය.


අයියාගේ දියණියගේ මංගල උත්සව දිනය ළංවිය. මල්ලි පැමිණ නෑදෑ පිරිස අපහසුවට පත්කරන බව දැනගෙන සිටි අයියා තමාගේ මිතුරකුට කතාකර උපදෙසක් පැතුවේය. “හරි මම බලා ගන්නම් කී මිතුරා කචල් මල්ලිගේ ජංගම දුරකතන අංකය ඉල්ලා ගත්තේය.
මංගල උත්සවයට පෙර දිනයේ කචල් මල්ලිගේ දුර කතනයට ඇමතුමක් ලැබුණි. “ආයුබෝවන් මහත්මයා අපි මේ කතා කරන්නේ දුප්පත්කම නැති කිරීමේ  සංවිධානයෙන්, අපගේ සංවිධානය විසින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා ලබාදෙන රුපියල් දස ලක්ෂය මෙවර දීමට තීරණය කර තිබෙන්නේ ඔබටයි. ඔබේ නම  නිර්දේශකර අපට එවා තිබෙන්නේ ග්‍රාම නිලධාරි මහතායි. ඔබ හෙට උදේ දහයත් එකොළහත් අතර කාලයේ හැඳුනුම්පත පමණක් රැගෙන අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.“ යනුවෙන් පැවසු කාන්තාවක් ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු සියලු‍ විස්තර අසා ගත්තාය.


මෙවැනි මුදලක් තමාට ලැබේයැයි ඔහු කිසි දිනෙක සිතුවේ නැත. දස ලක්ෂයෙන් කරන වැඩ ගැන එළිවෙනතුරුම බිරිඳ සමග කතා කළේය“.දැන් ඉතින් මටත් අයියාට වැඩ පෙන්වන්න පුලු‍වන්  ඔහු සිතුවේය. දුරකතන ඇමතුමෙන් කී විස්තර අනුව කිසිම සැකයක් නැත. ගමේ සිට කොළඹට යාමට අඩු තරමින් පැය හතරක්වත් ගතවේ. ඒනිසා උදේ රැයින්ම අලු‍ත් කලිසමක්  සහ කමිසයක් ඇඳගෙන ඔහු කොළඹ බලා පිටත් වූයේය.


උදේ දහයවන විට කොළඹට පැමිණි ඔහු දුරකතනයෙන් කී මං සළකුණු ඔස්සේ ප්‍රධාන කාර්යාලය සොයාගෙන යන්නට විය. එහෙත් එවැනි තැනක් සොයා ගැනීමට නොහැකි වූ නිසා තමාට ඇමතුම දුන් දුරකතනයට කතා කළේය.


“මහත්මයා පාර වරද්දාගෙන දැන් ආපස්සට එන්න. ඇවිල්ල දකුණට හැරෙන්න. එතැන තියෙනව විශාල ගොඩනැගිල්ලක් ඒකේ දෙවැනි තට්ටුවට  එන්න.“ ඒ අනුව ආපස්සට පැමිණි ඔහු එම ගොඩනැගිල්ල අසල නැවති එයට ඇතුළුවීමට තැනක් සොයමින් සිටින විට ආරක්ෂක නිලධාරියකු පැමිණ ඔහු එලවා දැම්මේය. ඉන්පසු ඇමතුම දුන් දුර කතනයට කොතෙක් කතාකලත් පිළිතුරු නැත. එය ක්‍රියා විරහිතය


දැන් හොඳටම දවල් වෙලාය. කචල් මල්ලිට තද බඩගින්නක් දැනෙන්නට විය. තමා උගුලකට හසුවී ඇති බව ඔහුට වැටහුණි. ඒ අසල සිටි ආරක්ෂක නිලධාරියාගෙන් පිටකොටුව බස් නැවතුම් පොළට එන පාර අසාගත් කචල් මල්ලි පයින්ම පිටකොටුවට ගියේය. ගමට එනවිට හොඳටම රෑ බෝවෙලාය. සුපුරුදු පරිදි කසිප්පු පොලට ගිය ඔහු වෙනදාමෙන්ම බීගෙන ආවේ අයියාගේ දියණියගේ උත්සවයට පැමිණෙන පිරිසට ලැජ්ජා කරන්නට සිතා ගෙනය. එහෙත් ඒ වනවිට උත්සවයේ සියලු‍ කටයුතු ඉතා හොඳින්  අවසන්ව තිබිණි.

 

උණවටුන ඩි.ජී.සුගතපාල



අදහස් (0)

අයියාට වරද්දන්න ගිය කචල් මල්ලි වැඩේ කාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 693 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17843 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site