IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බූරුවා ඔළුවට ගහලා අන්තිමේ ගේත් නැතිවෙලා

වියලු‍ව වාර්තාකරු 
අගනුවර ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපොළක දහඩිය වගුරවමින් සේවය කරන තම පුතුගේ වියදමින් ඉදිවන නව නිවෙසේ ඉදිරිපස දොර ගලවා විකුණා ලබාගත් මුදලින් බූරුවා ගසා පරාජයට පත්ව නිවැසියන්ගේද සෙනෙහස අහිමිකරගත්  පියකු පිළිබඳ පුවතකි.


  ඔහු සුරාවට මෙන්ම සූදුවට ඇබ්බැහි වූ මැදි වියේ පුද්ගලයෙකි.


 දිය කදුරුවලින් වැලි ගොඩ දමා ඒවා අලෙවි කිරීම ජීවිකාව කරගත්තේය. උදේ සිට මහන්සි වී උපයා ගන්නා මුදලින් සොච්චමක් නිවෙසේ වියදමට දුන් හෙතෙම ඉතිරි සියල්ල විය පැහැදම් කළේ සුරාවට හා සූදුවටය. 


පියාගේ නොපනත්කම් දරාගත නොහැකි වූ වැඩිමහල් දරුවා අගනුවර ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපොළක රැකියාවට ගියේ පවුලේ එදිනෙදා වියපැහැදම් හෝ පියවා ගැනීමේ අටියෙනි.


නිවෙසේ වියපැහැදම් හැකි පමණින් සැපිරූ හෙතෙම මහ ගෙදරට යාබද ඉඩමේ නව නිවෙසක් ඉදිකිරීම ආරම්භ කළේ ටිකෙන් ටික ඉතිරි කරගත් මුදල් වැය කරමිනි. පසුගිය නිවාඩුවට පැමිණි හෙතෙම රුපියල් විසිපන්දහසක් පමණ මුදලක් ගෙවා ලී මඩුවකින් සකස්කරගත් නවීන පන්නයේ දොරක් ගෙනැවිත් නිවෙසේ ඉදිරිපස උළුවස්සට සවිකළේ නිවසේ ආරක්ෂාව පිළිබඳවද මෙනෙහි කරමිනි.


මේ අතර ගමේ ඉළව් ගෙදරක රාත්‍රී කාලයේ පැවැත්වෙන සූදු පොළක් පිළිබඳ කන වැකුණු ඔහුගේ පියා අතේ තිබූ සුළු මුදලද රැගෙන එහි ගියේ සුපුරුදු සූදු කෙළියේ යෙදීමටය. එහෙත් ඔට්ටු දෙක තුනක් අල්ලද්දී සාක්කුව හිස් කරගත් හෙතෙම පරාජිතයකු සේ බූරුපොළෙන්  පිටවූයේ යළිත් ඔට්ටුවක් ඇල්ලීමට කෙසේ හෝ මුදලක් සොයාගන්නේ කෙසේදැයි මෙනෙහි කරමිනි.


 දහඅතේ කල්පනා කරමින් සිටියදී ඔහුගේ සිහියට ආවේ තම දරුවා අලු‍තින්ම සාදන නිවසේ ඉදිරිපසට සවිකළ නවීන පන්නයේ දොරය. දෙවරක් නොසිතූ හෙතෙම   දොර පලු‍ව ගලවාගෙන රෑ මැද්දේ ම එය තම හිතවතකුට රුපියල් 10,000 ක මුදලට උකස් කළේ හැකි විගස එය පොළියක්ද ගෙවා බේරාගන්නා බව පවසමිනි.


 ලද මුදලද රැගෙන යළිත් සූදු පොළට ගියද යළිත් ඔහුට හිමි වූයේ පරාජය පමණි. අවසානයේ  හොර පූසකු සේ නිවසට රිංගා ගත්තද ඒ වන විටත් නිවැසියන් සිදු වූ සියල්ල දැනගෙන තිබූ අතර ඔහුට ලු‍ණු ඇඹුල් ඇතිව සංග්‍රහ කළේ තව දුරටත් නිවෙසේ රැඳී නොසිට පිටව යන්නැයි  තර්ජනය කරමිනි.


 දැන් ඔහු සිටින්නේ වැලි තිප්පොළේ අටවාගත් ලෑලි  මඩුවකය.

 



අදහස් (0)

බූරුවා ඔළුවට ගහලා අන්තිමේ ගේත් නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site