IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පෙට්‍රල්‍්‍ වෙනුවට ටර්පන්ටයින් දාලා පලා බබෙක් මෝටර් සයිකලය කඩාගෙන

 කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ඉන්ධන අර්බුදයෙන් මිදීමට තරුණයකු දුන් ගුරුකමක් එහෙමපිටින්ම ගිල අලි අමාරුවක වැටුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


 කිලෝමීටර් පහක් හයක් දුරින් සිටින සිය පෙම්වතිය සමග යතුරු පැදියෙන් යාමට තරුණයාට තිබූ එකම බාධකය වූයේ ඉන්ධන ය. දින සති ගණන් පෝලිමේ සිට ඉන්ධන ලබාගැනීමට තිබූ අකමැත්ත නිසාම ඔහුගේ යතුරුපැදියේ ඉන්ධන බින්දුවක් නොතිබුණේය. මේ නිසා ඔහු දේශපාලනඥයන් සමග සිටියේ බද්ධ වෛරයකිනි. ඔවුනට දොස් පවරමිනි.


 ඉන්ධන වෙනුවට ආදේශකයක් යොදා යතුරු පැදි ධාවනය කිරීම පිළිබඳව ඔහුගේ සිතේ තිබූ අදහස සිය යතුරුපැදියෙන් අත්හදා බැලීමට බියවූවේය. එය වැරදුණොත් යතුරුපැදියට හානිවේ යයි  ඇති සැකය නිසාය. තමා දන්නා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ඉන්ධන නොමැතිව යතුරුපැදිය ධාවනය කරනු ලබන බව දැනගන්න ලැබෙන්නේ මේ අතරේදීය. ඒ අනුව තරුණයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හමුවී පවසන්නේ ‘මන්ත්‍රීතුමා යතුරු පැදියට දාලා ධාවනය කරන්න පුළුවන් හොද දෙයක් තියෙනවා බඩුනම් ෂුවර් බව’ ය.
 දියේ ගිලෙන මිනිහාට පිදුරු ගහත් මහමෙරක් මෙන් ‘හා මොනවාද මල්ලි ඒ’ මන්ත්‍රීවරයා තරුණයාගෙන් නොඉවසිල්ලෙන් ඇසීය. ‘මන්ත්‍රීතුමා ටර්පන්ටයින් ඒකට කියාපු දේ’ යයි කොල්ලා මන්ත්‍රීට කියා යන්න ගියේය.


  සිය නිවසේ බිම පින්තාරු කිරීමට ගෙනා  ටර්පන්ටයින් බෝතලයෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව මන්ත්‍රීගේ මතකයට ආවේය. මන්ත්‍රී සිය යතුරු පැදියට ටර්පන්ටයින් දමා යතුරු පැදිය පණ ගැන්වීමට කටයුතු කළේය. එක පාරින්ම යතුරු පැදිය පණ ගැන්වුණේ මන්ත්‍රීගේ සිතේ සතුට දෝරේ ගලමින්ය.


 යතුරු පැදිය වෙනදාටත් වඩා හොඳින් ධාවනය කිරීමට මන්ත්‍රීට හැකිවිය. ‘මල්ලි නියමයිනේ උඹේ බෙහෙත හරි. අපිට දැන් සෙඩ් ගානේ පෝලිම්වල ඉන්න ඕනෑ නැහැ, මිනිස්සුන්ගෙන් බැනුම් අහ අහා’ යයි මන්ත්‍රී කොල්ලාට කීවේය. තමාගේ විකල්පය හරි යයි කොල්ලාද සතුටු විය.


ගතවූයේ ටික වේලාවකි. ‘අනේ මල්ලි බයිසිකලේ නතර කරලා ආයිත් ස්ටාට් කරන්න පටන් ගත්තා, දැන් ස්ටාට් වෙන්නේ නැහැනේ’ මන්ත්‍රී කොල්ලාට කෝල් කළේය. කොල්ලාට ඒ ගැන දුකක් නොව සතුටක් ඇතිවූයේ රටට තෙල් නැතිවුණේ මේ මන්ත්‍රීවරුන් කඩේ ගොස් බලයට පත් කළවුන් නිසා නේදැයි මතකයට ආ නිසාය. ‘ඕකුන්ට ඔහොම වෙලා මදි. කමක් නැහැ මගේ ආදේශකය වැරදුණාට’ යයි කොල්ලා සිතුවේය, සිත සතුටු වූයේය. මන්ත්‍රී යතුරු පැදිය කිලෝමීටර් ගණන් තල්ලු‍ කොට යතුරු පැදි අලු‍ත්වැඩියා කරන තැනකට ගෙන ගියේය. එය යළි සක්‍රිය කිරීමට විශාල මුදලක් යන බව එහිදී හෙළිවී මන්ත්‍රී තමා කළ මෝඩකම ගැන තවමත් පසුතැවිල්ලෙන් ඉන්නවා ලු‍.

 



අදහස් (0)

පෙට්‍රල්‍්‍ වෙනුවට ටර්පන්ටයින් දාලා පලා බබෙක් මෝටර් සයිකලය කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site