IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පෙට්‍රල්වලට විකුණන්න සීයාගේ මුත්‍රා භාජනය සොරාගෙන

වියපත් තැනැත්තකු විසින් බඳුනකට බැහැර කරන ලද මූත්‍රා තොගයක් වෙනත් අයෙකු පෙට්රල් යැයි සිතා සොරාගත් පුවතක් ගල්නෑව පොලිස් වසමට අයත් කහල්ල පල්ලේකැලේ රක්ෂිත සීමාව අවට ගමකින් වාර්තා වේ.


අනාවරණය වන ආකාරයට සිද්ධිය මෙසේය.


නිවසේ යාමට ඒමට නොහැකි වියපත් අයෙකි. රාත්‍රියේ නින්දට යන අවස්ථාවේ දී නිතර නිතර මූත්‍රා කිරීමට එළියට යන නිසාත්, වියපත් බැවින් යාමට අපහසු නිසාත් තම දරුවන් ඔහුට කාමරයේ සිට මූත්‍රා කිරීමට භාජනයක් ලබා දි තිබුණි.


එලෙස මූත්‍රා කරන බඳුන දරු මුණුපුරන් විසින් උදේට ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ.


ඔහුගේ දියණියක ඉකුත් දා උදේ එම බඳුන ඉවත් කිරීමට තැත් කළත්, පාරේ යන පිරිසක් දැක එකී බඳුන ඉස්තෝප්පුවේ කොනක තැබුවේ පසුව ඉවත් කිරීම සඳහාය.


ඇය වෙනත් ගමනක් පිටත්ව ගියේ එකී බඳුන එම ස්ථානයේ තිබියදීම ය.


නිවසින් බැහැරව ගොස් බසය එනතුරා මඟ රැඳී සිටි ඇයට එය සිහිපත් වුණේ ඒ අතරවාරයේය.


එම ස්ථානයේ සෙනඟ සිටි නිසා ඒ බවක් නොකියා අම්මා තම පුතු අමතා එය ව්‍යාංගාර්ථයෙන් විස්තර කළාය.


“පුතේ සීයගෙ පෙට්‍රල් ටික ඉස්තෝප්පුවේ මුල්ලක තිබෙනවා. බල්ලෙක් ඇවිත් පෙරළුවොත් අපරාදේ. ඊට කලින් එය එතැනින් ඉවත් කරන්න ” යැයි කීවාය.


අම්මා පැවසූ දේ පුතු තේරුම් ගත්තේය. ඒ වනවිට නිවසින් බැහැරව සිටි පුතු නිවසට ගොස් එය ඉවත් කරන බව කීය.


එහෙත් ඔහු නිවසට ගොස් බලනවිට එම මූත්‍රා සහිත ප්ලාස්ටික් භාජනය එහි නොතිබුණි.


ඒ ගැන සොයා බැලීමේ දී අම්මා පුතු අමතා පණිවිඩය දෙන ස්ථානයේ සිටි තෙල් අර්බුදය හමුවේ පසු වූ අයෙකු පෙට්රල් ගැනීම සඳහා පැමිණ ඇති බවටත්, බෙහෙත් බොන නිසා සීයාගේ පෙට්රල් පාටට තිබූ මූත්‍රා ටික දැඩි වෙහෙසක් දරා පැමිණි තැනැත්තා කිසිදු සැකයකින් තොරව රැගෙන ගොස් ඇති බවටත්  අනාවරණය වුණා ලු.

මොරගොල්ලාගම සිසිර කැලේගම

 



අදහස් (0)

පෙට්‍රල්වලට විකුණන්න සීයාගේ මුත්‍රා භාජනය සොරාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 693 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17844 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site