IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බීපු මිතුරාට උදව්වට ගිහින් පොලු පහරකුත් කාගෙන ඇවිත්

 මුලටියන එස්. බාලසූරිය
  හොඳටම වෙරි වී තැබෑරුම ළඟ වැටී සිටි මිතුරකු  නිවෙසට රැගෙන ගොස් බාර දුන් මිතුරාට එම නිවැසියන්ගෙන් ස්තුතියක් වෙනුවට ඇනුම් බැනුම් හා ගුටිබැට සංග්‍රහයක් ලැබුණු පුවතක් දකුණු පළාතේ උපනගරයකින් අසන්නට ලැබිණි.


 හිතහොඳ පුද්ගලයකු වූ දිනපතා සවසට තැබෑරුමට ගොස් පොඩි අඩියක් ගැසීම ඔහුගේ දිනචරියාවේ අංගයකි. එම නරක පුරුද්ද තිබුණත් කිසිවකුට දුකක් කරදරයක් වුවහොත් තැන නොතැන බලා උදව් පදව් කරන්නේ එය තමාගේ යුතුකමක් බව සිතාගෙනය.


එදින හවසද තැබෑරුමට ගියේ සුපුරුදු ලෙස මත්වතුර ටිකක් බීමටය. එම ස්ථානයට ගොඩවන විටම ඔහු දුටුවේ අසල්වැසි විශ්‍රාමික මිතුරා හොඳටම වෙරිවී තැබෑරුමේ වැටී සිටින අයුරුය. තමා ආ කාරිය අමතක කළ ඔහු  ත්‍රිරෝද රථයක් කැඳවාගෙන  කීපදෙනකුගේ සහයෙන් තම මිතුරා එයට නංවාගෙන මිතුරාගේ නිවෙසට රැගෙන ගියේ තමාගේ යුතුකමක් ඉටු කිරීමටය.


 එම නිවසට ගොස් මිතුරාගේ බිරියට කතා කර සිද්ධිය කියද්දී ඇය බණින්නට පටන් ගත්තාය. මගේ මිනිහගේ පැන්ෂන් පඩි දවස අදයි. තමුසෙලා එකතුවෙලා ඒ මිනිහගේ සල්ලිවලින්  බීලා හොඳ මිනිසුන් වෙන්න හදනවා. තමුසෙලාට නම් හොඳක් වෙන්න එපා. ඇයගේ මේ ගෝරනාඩුව ඇසී ඇයගේ පුතා එළියට ආවේ මොකක්ද අම්මේ වෙලා තියෙන්නේ කියා අසා ගෙනය. 


මේ බේබද්දා තාත්තට සිහිනැතිවෙනකම් පොවලා පැන්ෂන් එකෙන් බීලා ගෙදරට එක්කරන් ඇවිත්. මුන්ට හෙණ හත ගහන්න ඕන මේ කරන අපරාධවලට.


 කිසි වරදක් නොකළ මොහු සිද්ධිය පිළිබඳව කොතරම්  කරුණු කීවත්  මිතුරාගේ බිරිය  දිගින් දිගටම බණිමින් සිටි අතර  පුතා පොල්ලක් රැගෙන විත් පහර කීපයකින් ඔහුට සංග්‍රහ කිරීමටත් පසුබට නොවීය.


 අනුන්ට උදව් කරන්න ගිහින් මට වෙච්ච දෙයක්. මගේ හැටි මුන් දැනගෙනත් මට කළ දේ වැරදියි. වඳින්න ගිය දේවාලේ හිසට කඩා වැටුණා වාගේ දෙයක් මට වුණේ. මින් පස්සේ මිනිහෙක් මැරිලා හිටියත් ඒ පැත්ත බලන්නේවත් නැහැ. මේක මට හොඳ පාඩමක් යැයි තමාටම කියා ගනිමින් පාර දිගේ දිව ගියේ  දැඩි ලජ්ජාවට පත්වී සිටි නිසාය.

 



අදහස් (0)

බීපු මිතුරාට උදව්වට ගිහින් පොලු පහරකුත් කාගෙන ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site