IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෙම් කළ වරදට සතියක්ම නිවාස අඩස්සියේ

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සතියක් පෝලිමේ දුක් විඳ ලබාගත් තෙල් ටිකෙන් පෙම්වතිය සමග පෙම් සුව විඳි  වරදට සතියක්ම  නිවෙසට වී සිටීමට සිදුවූ පෙම්වතකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


යතුරුපැදියට රුපියල් දහසක තෙල් ටිකක් ගහගත්තේ සතියක් පෝලිමේ ඉඳ ගහමරාගෙනය. ඒ සිය ගම්මානයට වඩා කිලෝමීටර් හය හතක දුරින් සිටින සිය පෙම්වතිය බැහැදැක වෙරළ තීරයට ගොස් පෙම් සුව විඳීමටය.


බලපිටිය මොහොට්ටිවත්ත ප්‍රදේශයේ ගාලු‍ පාරට කිට්ටුවෙන් වැල්ලට බැස්සේ ඒ සඳහාය. වැල්ල ආසන්නයේම යතුරුපැදිය නවතා ඔහු රෑන පඳුරක් සොයා යන්නේ පෙම් සුව විඳීමටය.


පැයක් දෙකක් වැල්ලේ පෙම් සුව විඳි ඔහු පෙම්වතිය නිවෙසට ඇරලීමට යතුරුපැදිය වෙත ආවේය. යතුරුපැදිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ඉන්ධන බටය ගලවා තිබෙනු දක්නට ලැබිණ. ඒ ආසන්නයෙන් බිමෙන් ඉන්ධන සුවඳ වහනය වෙමින් තිබිණ. ඒ සමගම සිදුව ඇති දේ තේරුම් ගැනීමට ඔහුට වැඩි වෙලාවක් ගත නොවීය.


පෙම්වතිය නිවෙස බලා යැවීමට බස් රථයකට දැම්මේය. තෙල් නැති යතුරුපැදිය ඔහු තල්ලු‍ කරගෙන එමින් සිටියේය. සැලකිය යුතු දුරක් එය තල්ලු‍ කළේය. ඔහුගේ හොඳ පණ දැන් ගොස්ය. එක පාදයක කෙන්ඩ පෙරළෙන්නේ මේ සමගය. යතුරුපැදිය තවදුරටත් තල්ලු‍ කරගැනීමට නොහැකිව ඔහු බිම වැටෙන්නේ යතුරුපැදියද ඔහුගේ එක් කකුලක් යටකර ගෙනය.


යතුරුපැදියට යටවුණ කකුල තැලෙන්නේ ඔහු නිවෙසටම කොටු කරමින්ය. කකුල යථාතත්ත්වයට පත් කර ගැනීම සඳහා වෙද මහතකු නිවෙසට ගෙන්වාගෙන දැන් ඔහු සතියක් තිස්සේ සිටම පත්තු බඳවා ගන්නවාලු‍.

 



අදහස් (0)

පෙම් කළ වරදට සතියක්ම නිවාස අඩස්සියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 866 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site