IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ස්ටුඩියෝවේ ගෑනු රූපයට සැමියා වල්ගය පාගාගෙන

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
නගරයේ වර්ණ රසායනාගාරයක් ඉදිරිපිට ප්‍රියමනාප අයුරින් සංස්කරණය කර ප්‍රදර්ශනය සඳහා ගසා තිබූ කාන්තා ඡායාරූපය සිය භාර්යාවගේ යයි සිතා එම ආයතනය ඉදිරිපිට යකා නටා නූලෙන් ගුටිනොකා බේරුණු අයකු පිළිබද පුවතක් ගාල්ලේ නගරයකින් අසන්නට  ලැබේ.


මේ කාන්තාවගේ ඡායාරූපය ගසා දෑ අවුරුද්දකටත් වැඩිය. එය එහි ප්‍රදර්ශනයට තබා තිබුණේ ඇයගේ ද කැමැත්ත හා අනුමැතිය සහිතවය.


නගරය ආසන්නයේ ගමක මේ තැනැත්තා වාසය කළත් බස් නැවතුම් පොළ ඉදිරිපිට මාර්ගයේ මේ ආයතනය පිහිටා තිබුණු බැවින් මේ කාන්තා රූපය ඔහුගේ නෙත නොගැටෙන්න ඇතිවාට සැකයක් නැත.


එදා ඔහු එම මාර්ගයේ සිටියේ යතුරු පැදියට තෙල් ටිකක් ගහගන්නය. මෙහිදී මේ කාන්තා රූපය දුටු ඔහුගේ ඉහමොළ රත්වී ගියේය. එහෙයින් තැන නොතැන ද අමතක විය.


‘‘යකඩෝ මේ ඉන්නේ මගේ ගෑනිනේ. මේකි මගෙන් අහන්නෙත් නැතිව මෙතන ගහන්න පොටෝ එකක් දීලානේ,’’ කියමින් ඔහු එම ආයතනයට ගියේ කෑ මොර දෙමිනි.


‘තමුසෙලා කොහොමද මගෙන් අහන්නේ නැතිව මගේ නෝනව ප්‍රදර්ශනයට තියන්නේ’ යයි කියමින් ඔහු එතන යකා නටන්නට පටන් ගත්තේය.


ඒ විතරක්ම නොව සිය භාර්යාවට ද ඇමතුමක් ගෙන දෙස් දෙවොල් තිබ්බේය. මේ කතාවෙන් ආත බූත වූ ඇය තමා ප්‍රදර්ශනයට සිය ඡායාරූපයක් නොදුන් බව දිව්රා පැවසුවත් එය මායිම් නොකළ ඔහු ආයතනය සමග දිගින් දිගටම රණ්ඩු කළේය. එහි කාර්ය මණ්ඩලය මෙය ඔහුගේ භාර්යාව නොවන බව පෙන්වීමට කොතරම් මහන්සි ගත්තත් ඔහු කීවේ තමාගෙන් අවසරයක් නැතිව ගැසූ සිය භාර්යාවගේ රුව ගලවා දමන ලෙසය. 


කියනදේ නොඅසන ඔහුට මේ ආයතනයට හිතැති පිරිස යහමින් නෙළන්නට සූදානම් වූ විට එහි කළමනාකරු මේ කතගේ රුව ඔහු පදිංචි ප්‍රදේශයේ අයෙකුගේ නොව වෙනත් ප්‍රදේශයක අයෙකුගේ බව ඔප්පු කිරීමත් සමගම ඔහුට නිහඬවම එතනින් හෙමින්ම ලිස්සා යන්නට සිදුවුණා ලු.

 



අදහස් (0)

ස්ටුඩියෝවේ ගෑනු රූපයට සැමියා වල්ගය පාගාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 691 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17841 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site