IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


හතළිස්දාහේ හොරා කාන්තා ඇඳුම් ඇඳගෙන බුදියලා

(පල්ලේබැද්ද රෝහණ සමරවීර)
  දෙල්වල ප්‍රදේශයේ නිවෙසකට හිමිදිරි පාන්දර ඇතුඑව නිවෙසේ සිටින කාන්තාවගේ යට ඇදුම්  හා ගවුම් ඇඟලාගෙන එම කාන්තාවගේ  පහළොස් හැවිරිදි දැරිය නිදියමින් සිටි ඇඳෙහි පසෙක නිදියගෙන සිට  රුපියල් හතළිස් දහසක මුදල් සොරා ගත් විවාහකයකු අත්අඩංගුවට ගත් බව දෙල්වල පොලිසිය කියයි.


 සැකකරු දෙල්වල වෑබොටුව ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැරිදි විවාහකයෙකු වන අතර ඔහු ඇඟලා ගත් කාන්තා ඇඳුම් විසිකර දමා තිබියදී ඒ ඔස්සේ පොලිස් සුනඛයන් යොදවා සිදුකළ පරීක්‍ෂණයේදී  සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
 එම සැකකරු පසුගිය 21 වැනිදා පාන්දර 3.00 ට පමණ දෙල්වල ප්‍රදේශයේ නිවසක පිටුපස පිහිටි ජනේලයක් කඩා නිවසට ඇතුළුවී ඇති බව පොලිසිය පවසයි.


එම අවස්ථාවේ නිවැසියන් තද නින්දේ පසුවෙමින් සිට ඇති අතර  සැකකරු එම නිවෙසේ කාමරයකට ගොස් එහි අල්මාරියක් විවෘත කර එහි තිබුණු රුපියල් හතළිස් දෙදහසක මුදල් සොරාගෙන ගොස් ඇති බවට නිවැසියන් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙන බව පොලිසිය කියයි.


එම මුදල් සොරා ගැනීමෙන් අනතුරුව සැකකරු නිවෙස් හිමියාගේ තිස් හත් හැවිරිදි බිරිඳගේ යට ඇදුම්, තිසර පටියක් හා ගවුමක් ඇඟලාගෙන ඇති බවත් එම ඇඳුම් පිටින් සැකකරු එම නිවෙසේ පහළොස් හැවිරිදි දියණිය නිදියමින් සිටි ඇඳේ පසෙක නිදාගෙන සිටි මොහොතේ දැරිය එම සැකකරු දැක බියට පත්වී කෑ ගැසීම නිසා සැකකරු පැනගිය බව වැඩිදුරටත් පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසයි.


සැකකරු ඇඳ සිටි කාන්තා ඇඳුම් පිටින්ම නිවසින් පැනගොස් ඇති බවත් එම කාන්තා ඇඳුම් එම නිවෙසට කිලෝමීටර් හතරක පමණ දුරකට රැගෙන ගොස් තේ වත්තක දමා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.


  රත්නපුර පොලිස් මූලස්ථානයේ මාසි නැමැති පොලිස් සුනඛයා එම ඇඳුම් ඉවකර සැකකරු සොයා ගිය බවත් සැකකරු පැමිණිලි කරුවන්ගේ නිවෙසට මීටර් පන්සියයක පමණ දුරකින් ජීවත් වන පුද්ගලයෙකු බවට හඳුනා ගත් බව පොලිසිය පවසයි.


පොලිසිය නොමග යැවීම සඳහා සැකකරු එතරම් දුරක් එම රෙදි රැගෙන ගොස් විසිකර දමන්නට ඇතැයි පොලිසිය සැකකරන අතර අත්අඩංගුවට ගත් සැකකරු හා භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


දෙල්වල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අමල් කීර්ති මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ප්‍රියන්ත රුවන් පතිරණ, රාමනායක, පොලිස් කොස්තාපල් (83912) අජිත් යන නිලධාරීහු  ඉදිරි පරීක්‍ෂණ සිදු කරති.



අදහස් (0)

හතළිස්දාහේ හොරා කාන්තා ඇඳුම් ඇඳගෙන බුදියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 698 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17866 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site