IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පෝලිමක්ම අන්දලා බයිසිකලේට තෙල් ගහලා

උණවටුන – ඩී.ජී. සුගතපාල
මේ දිනවල සෑම ඉන්ධන පිරවුම්හලකම දක්නට ලැබෙන්නේ දිගු පෝලිම්ය. ආරක්ෂක අංශවල නිලධාරීන්ට පවා පෝලිමේ ඉන්නට සිදුව ඇත. ඔවුන් නිල ඇඳුම පිටින් ගියත් පෝලිමට පිටින් ඉන්ධන ලබා ගැනීමට නොහැකිය. එයට හේතුව පෝලිමේ සිටින ජනතාව විරෝධය පළ කිරීම නිසාය. එසේ ගැටුම් ඇතිකර ගත් අවස්ථාද රැසක් පසුගිය දිනවල වාර්තා විය.
 
මේ අතර එක් ආරක්ෂක අංශ  නිලධාරියෙක් තම සේවා ස්ථානයට පැමිණියේය. එදින ඒ අසල ඇති ඉන්ධන පිරවුම්හලකට ඉන්ධන ලැබී තිබුණේය. පෝලිම කිලෝමීටර් දෙකකටත් වැඩිය. නිල ඇඳුම පිටින් ගියත් පෝලිමෙන් පිට ඉන්ධන ලබා ගැනීමට නම් නොහැකිය. ඔහුගේ යතුරුපැදියේ ඉන්ධනත් අවසාන මට්ටමට පැමිණ තිබිණ.
 
මෙම නිලධාරියා සේවය කරන අංශයට යාබද අංශයේ ගැබිනි නිලධාරිනියක සිටියාය. ඇය දුටු ඔහුට හොඳ අදහසක් පහළ විය. ඔහු එම නිලධාරිනිය ළඟට ගියේය. ‘‘මේ අද මගේ බයිසිකලේ පැට්‍රල් ඉවරයි. හවසට ගෙදර යන්න විදියකුත් නැහැ. ඒ හින්ද ඔයා මට උදව්වක් කරන්න ඕනෑ’’
 
මෙය ඇසූ නිලධාරිනිය උඩ බිම බැලු‍වාය. ‘‘මොකක්ද ඔයාට මගෙන් ඕන කරන උදව්ව. පුළුවන් දෙයක් නම් කරන්නම්’’ ඇය කීවාය.
‘‘මට බයිසිකලේට පැට්‍රල් ටිකක් ගහගන්න ඔයා මාත් එක්ක ෂෙඩ් එකට යන්න එන්නකෝ’’
 
‘‘හරි ඉතින් මම ගියා කියල පෝලිමට පිටින් ඔයාට පැට්‍රල් ගහනවද’’
 
‘‘හරි හරි මම ඒක කරගන්නම්. එන්නකෝ යන්න’’
 
තම සේවා ස්ථානයේ සේවය කරන සහෝදර නිලධාරියාගේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි වූ ඇය යතුරුපැදියේ නැගී ඔහු සමඟ ඉන්ධන පිරවුම්හලට ගියේය.. එම අවස්ථාවේ ඔහු නිල ඇඳුමෙන් සැරසී සිටියේය. ඔහු කෙලින්ම යතුරුපැදිය පෝලිමේ මුලටම ගත්තේය. ඒ වනවිට ඉන්ධන නිකුත් කිරීම අරඹා තිබිණ. වෙනදා විරෝධය දක්වන පිරිස එදින විරෝධය දැක්වූයේ නැත.
 
‘‘අනේ මට ඉක්මනට තෙල් ටික ගහල දෙන්න නෝනට අමාරුයි. වාහනත් නැහැ. ඉස්පිරිතාලෙට එක්ක යන ගමන්. ඔයාලට පේනවනේ’’ ඔහුගේ කීම පෝලිමේ සිටි සියල්ලෝම විශ්වාස කළහ. ඔවුනට පෙනුණේ ඇය දරු ප්‍රසූතියට ආසන්නව සිටින බවකි. ඔහුට ඉන්ධන නිකුත් කෙරිණ. පෝලිමේ කිසිවෙක් විරුද්ධ නොවූහ.
 
‘‘අනේ ඔයාලට බොහෝම ස්තුතියි’’ කියමින් ඔහු ඇයත් සමඟ ඉන්ධන පිරවුම්හලෙන් පිටවී රෝහලට යන බව පවසා යළිත් සේවා ස්ථානයට පැමිණියේය.
 
ඔහුගේ සතුට නිම්හිම් නැත. ඇය යතුරුපැදියෙන් බැස්සාය. ඔහු යතුරුපැදිය ගාල් කරන ස්ථානය වෙත ගෙන යාමට සුදානම් විය. ඒ සමඟම ඇය මෙසේ කීවාය. ‘‘බබා සමහරවිට ඔයාට තාත්තා කියයිද දන්නෙත් නැහැ’’



අදහස් (0)

පෝලිමක්ම අන්දලා බයිසිකලේට තෙල් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site