කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
මෑතකදී මැති සබයට ගිය මැතිසඳ තමාගේ කිට්ටු හිතවන්තයකු බව පෙන්වීමට ගිය පොඩි මන්ත්‍රී කෙනකුට දින ගණනාවක් නිවාස අඩස්සියේ සිටීමට සිදුවූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.

දේශපාලනය ගැන ඔහු පම්පෝරිය ගැසුවේ හිමින් නොවේ. මැති ඇමැත්තන් අඳුනන බවට ද කයිවාරු ගැසුවේත් හිමින්ම නොවේ. මේ මෑතකදී මැති සබයට ගිය මැති ද තමාගේ කිට්ටු හිතවන්තයකු බව ද ගමේ අයට ඔහු පෙන්නුවේ ද හිමින් නොවේ.
මේ නිසාම ගමේ තරුණයෙක් සිය රැකියාවේ ස්ථාන මාරුවක් ලබා ගැනීම සඳහා ඔහු සොයා ආවේය. කොල්ලන් රැලක් පිරිවරාගෙන අලුත් මැතිසඳ ගැන පම්පෝරි ගස ගසා සිටි ඔහුට මෙය ඊට හොඳ අවස්ථාවක් කර ගන්නට සිතුවේය.
අලුත් මැතිට දුරකතන ඇමතුමක් ඔහු සිය දුරකතනයෙන් ගන්නා බව පවසමින් දුරකතනය එහි බොත්තම් දහයක් තද කරමින් කනේ තබා ගත්තේය.
‘හා සර් අපේ සුබපැතුම්. මම සර් හම්බ වෙන්න එන්නම්. හා සර් මේ අපේ කොල්ලෙක්ගේ වැඩක් තියෙනවා. ඒකටත් එක්ක එන්නම්’ ඔහු එසේ පවසත්ම ඔහුගේ දුරකතනයට ඇමතුමක් ආවේ මුළු පළාතම දෙවනත් කරන සේ ශබ්දයක් සමග දුරකතනය නාද කරවමිනි.
මැතිට ඇමතුමක් ගෙන ඇත්තේ බොරුවට බව තරුණයන්ට වැටහුණ හෙයින් ඔහු එතනින් හෙමින් ලිස්සා ගියේ පස්ස නොබලා ම ය. ඔහුගේ බොරුව ගමේ පත්තුවී ගියේ ඔහු නිවෙසටම කොටු කරමිනි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුත් ඇමැතිගේ යාළුකම පෙන්වන්න ගිහින් පුංචි මන්ත්‍රී ගෙට කොටුවෙයි