IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ලෙල්ලේ පාටින් පොල් හොරා හොයාගෙන

‘‘පුහුල් හොරා කරෙන් දැනේ’’ යනුවෙන් ඇති ප්‍රස්ථා පිරුළ සිහිපත් කරන පොල් ලෙල්ලේ පාටින් පොල් හොරෙක් අල්ලා ගත් පුවතක් දකුණේ එක්තරා ගමකින් අසන්නට ලැබේ.


වාර්තාවන අන්දමට ඒ පුවත මෙසේය.


මේ දිනවල පොල් මිල ඉහළ නිසා පැහැණු පොල් ගස්වල තිබෙන්නට හැරීම එතරම් හොඳ නැති නිසා සිය ගෙවත්තේ වූ පොල්ගස් කිහිපයක පැසී තිබුණ පොල්ගෙඩි ටික කඩා තබන්නට ගැමියකුට අවශ්‍ය විය. ඔහුගේ වත්තේ වූ පොල්වල ලෙලි රන්වන් පාටය. වෙනදා පොල්කඩන්නා සති කිහිපයකින් මේ ප්‍රදේශයට පැමිණ තිබුණේ නැත. මේ ගැන අසල්වාසියකු සමග කතා කරමින් සිටිය දී ඒ අසලින් ගිය රණා නැමැති ගමේ කුලීකරුවකු කියා සිටියේ තමන්ට පොල් ටික කඩාදිය හැකි බවය.


ඒ අනුව ඔහු එම ගෙවත්තේ වූ පොල් ගස් කිහිපයක පොල් කැඩුවේය.


” මහත්තය මේ කාලෙ පොල්වල ගණන්වල හැටියට මේ පොල් හොරු ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේ පොල්ටික පොහොර උරවල දාල ගේ පිටි පස්සෙන් තියමු.”‍


කුලීකරුවාගේ යෝජනාවට ගෙහිමියා ද කැමැති විය.
ඒ අනුව  ගෙහිමියා ලබාදුන් හිස් පොහොර උරවලට ඊට ප්‍රමාණවත් පොල් දමා එම පොල් සහිත පොහොර උර කිහිපය නිවසේ පිටුපස කුලීකරු විසින්ම ඔසවාගෙන ගොස් තබා ඔහුගේ කුලිය ගෙන  ගියේය.


පසුදා උදෑසන අවදිවූ ගෙහිමියා නිවෙස පිටුපසට ගොස් බලද්දී එහි පෙරදා සවස තබා තිබූ පොල්සහිත උර දෙකක්ම තිබුණේ නැත.
කිසිවකුට මේ ගැන නොපැවසූ ගෙහිමියා කඩ මණ්ඩියට යද්දී එක් කඩයක් අසල කාන්තාවක් පොල් ලෙලි ගසමින් සිටියාය. ඒ පොල් තමන්ගේ ගස්වල පොල් බව එම ලෙලිවල පාටින්ම ඔහු හඳුනා ගත්තේය.”‍


 කොහෙන්ද නංගි මේ හොඳ පොල්ටික ගත්තෙ.”‍ කියා ඔහු විමසද්දී ඇය කීවේ ”‍ අද එළිය වැටෙන කොටම රණා තමයි මේ පොල්ටික ගෙනත් දීල සල්ලි අරන් ගියේ, යනුවෙනි.
ඔහු ආපසු නිවෙසට ගියේ එහෙනම් මුගේ ගැටේට මං අහුවුණායි සිතමිනි.

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර



අදහස් (0)

ලෙල්ලේ පාටින් පොල් හොරා හොයාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 403 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 564 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 232 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site