ජේ.ඒ.එල්. ජයසිංහ
තමන්ගේ මුඛයෙන් ගැලවූ දතක් කුඩා පොලිතින් කොළයක දවටාගෙන එය සාක්කුවේ දමාගෙන මහනුවර නගරයට ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි ව්‍යාපාරිකයකුට පොලිස් නිලධාරීන්ගේ සෝදිසි කිරීමකදී දැඩි දුෂ්කර තත්ත්වයකට මුහුණදීමට සිදු වූ පුවතක් වාර්තා වේ.

පෙරහර සමයේ මහජනතාව පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ව්‍යාපාරිකයා පරීක්ෂා කරද්දී ඔහුගේ සාක්කුවක තිබූ දත දැක එය නිධානයකින් ගත් වටිනා භාණ්ඩයක් යැයි සැකකොට අසල රාජකාරියේ සිටි උසස් පොලිස් නිලධාරියා වෙත යොමු කර පැයකට අධික කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක්වීම හේතුවෙන්, ව්‍යාපාරික කටයුත්තක් සඳහා රුපියල් ලක්ෂ පහක මුදල් ද රැගෙන නගරයට පැමිණි ව්‍යාපාරිකයාට සිය ව්‍යාපාරික කටයුතු ද කරගැනීමට නොහැකිව අසරණ තත්ත්වයකට මුහුණදීමට සිදු විය.
දත ගැලවීමට අදාළ වෛද්‍ය වාර්තා ද පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් අඩස්සියේ රඳවා තබාගෙන සිටි ව්‍යාපාරිකයා පැයකට අධික කාලයකට පසුව මුදාහැර ඇත.
මෙම සිදුවීම නිසා වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වූ ඔහුට දැඩි අපහසුතාවකට ද මුහුණදීමට සිදු වී තිබේ.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිධානයකින් ගත් වස්තුවක්යැයි සිතා කටෙන් වැටුණු දත පොලිසිය අරන්
janith Friday, 12 August 2022 10:55 AM
ලංකාවේ පොලීසියේ ඕවා සාමාන්‍ය දේවල්... ආතල් විතරමයි දෙන්නේ.