ජේ.ඒ.එල්. ජයසිංහ
තමන්ගේ මුඛයෙන් ගැලවූ දතක් කුඩා පොලිතින් කොළයක දවටාගෙන එය සාක්කුවේ දමාගෙන මහනුවර නගරයට ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි ව්‍යාපාරිකයකුට පොලිස් නිලධාරීන්ගේ සෝදිසි කිරීමකදී දැඩි දුෂ්කර තත්ත්වයකට මුහුණදීමට සිදු වූ පුවතක් වාර්තා වේ.

පෙරහර සමයේ මහජනතාව පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ව්‍යාපාරිකයා පරීක්ෂා කරද්දී ඔහුගේ සාක්කුවක තිබූ දත දැක එය නිධානයකින් ගත් වටිනා භාණ්ඩයක් යැයි සැකකොට අසල රාජකාරියේ සිටි උසස් පොලිස් නිලධාරියා වෙත යොමු කර පැයකට අධික කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක්වීම හේතුවෙන්, ව්‍යාපාරික කටයුත්තක් සඳහා රුපියල් ලක්ෂ පහක මුදල් ද රැගෙන නගරයට පැමිණි ව්‍යාපාරිකයාට සිය ව්‍යාපාරික කටයුතු ද කරගැනීමට නොහැකිව අසරණ තත්ත්වයකට මුහුණදීමට සිදු විය.
දත ගැලවීමට අදාළ වෛද්‍ය වාර්තා ද පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් අඩස්සියේ රඳවා තබාගෙන සිටි ව්‍යාපාරිකයා පැයකට අධික කාලයකට පසුව මුදාහැර ඇත.
මෙම සිදුවීම නිසා වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වූ ඔහුට දැඩි අපහසුතාවකට ද මුහුණදීමට සිදු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලීසියේ ඕවා සාමාන්‍ය දේවල්... ආතල් විතරමයි දෙන්නේ.