IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බිරිඳගේ බොරු රංගනය සැමියාට හෙළිවී දත් දෙකක් කඩාගෙන

නැන්දනියට සිය මවට මෙන් සලකන බවට බිරිඳ යෙදුනු රංගනය සැමියාට මාට්ටු වී කටේ දත් දෙකක් පමණක් කඩාගෙන දීගය යාන්තම් කඩා නොගත් අපූරු අඹුවක් ගැන පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


සිය පියා මිය ගියේ ඔහුට හය හතර තේරෙන්නටත් පෙරය. එදා සිට ඔහුට මව මෙන්ම පියා වූයේද අම්මාය.


  ජීවිතයේ තරුණ කාලය වුවද වෙනත් දීගයක නොගොස් සිය එකම දරුවා රක්ෂා කිරීමට ඇය නොවිඳිනා දුකක් වින්දාය. නිවෙස්වල බැලමෙහෙවරකම් කළාය. වළන් පිඟන් සේදුවාය. එයින් නොනැවතුණු ඕ කුලියට කුරුඳු ඉඩම් උදලු‍ ගෑවාය.


  සිය මව විඳි දුක්ඛ දෝමනස්සයන් සියැසින් දුටු ඔහු සියලු‍ම විභාග ඉතා ඉහළින් සමත්ව රජයේ තානාන්තරයක් ලබා ගැනීමට තරම් උත්සහාවන්ත වූයේය.


දෑවැදි කිසිත් නොසැලකූ ඔහු සිය භාර්යාවගෙන් බලාපොරොත්තුවූ එකම දායාදය වූයේ සිය මවට සලකන කරුණාවන්ත කාන්තාවකි. සිය මවට මෙන් නැන්දනියට සලකනවා යයි කියමින් කාන්තාවක් විවාහ වන්නේ මේ අතරවාරයේදීය.


‘‘අම්මේ එන්න කන්න. අම්මා බෙහෙත් ටික බීවාද. මම බෙහෙත් ටික ගෙනත් දෙන්නද’’ ඔය වැනි කතා ඇය සැමියා නිවසේ සිටින විටදී ඕනෑතරම් කීවාය. මේ නිසා ඔහු සිටියේ කිවනොහැකි තරමේ සතුටකිනි. ඒ තමාගේ භාර්යාව මවට ඉතා ළෙන්ගතුව සලකනවා යයි සිතූ බැවිනි.


එහෙත් මව සතුටින් සිටින බවක් ඔහුට පෙනෙන්නට නොතිබිණි. සිය මව කුමක් හෝ අසනීපයකින් පෙළෙනවා යයි ඔහු මුලදි මුලදී සිතුවේය. එය එසේ නොවූ තැන ඔහුට සිය මවට වූ දේ ගැන ඇතිවූ කුකුස නිසාම එදා රැකියාවෙන් වෙනදාට වඩා කලින් පැමිණියේ භාර්යාව දැනුම්වත් නොකරය.


‘‘තොගේ මූසලකම නිසා තමයි මගේ කුසට දරුවෙක්වත් එන්නේ නැත්තේ. මේ කාලකන්නි හැතිරි යන තැනක යන්නේ නැතිව මෙහෙම බින්න බැහැලා ඉන්නවා. මේ ගෑනි ඉන්නකම් අපිට වගේ වගක් නැහැ ’’ කියමින් භාර්යාව සිය මවට බනිනවා ඇසුණු ඔහුගේ දෙකන් රත්විය. සිරුරට ආවේෂ වූ යක්ෂයා පැන ගියේ භාර්යාවගේ දෙකම්මුල තදින් අතගෑමත් සමගමය. භාර්යාවගේ කටේ දත් දෙකක්ද අහිමිවීමෙන් පසුවය.


‘‘අනේ මගේ පුතේ මේ දරුවා අතහරින්න එපා. පව්. මට පොරොන්දුවෙන්න පුතේ යයි කියමින් මව සලන කඳුළු දුටු ඔහු මවගේ ඒ පොරොන්දුව ඉටු කිරීමට සිතා ගත්තේ භාර්යාවගෙන් මේ නොමනා හැසිරීම ආයෙත් කරන්නේ නැහැ යන්න පොරොන්දු කරවා ගනිමිනි.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

 



අදහස් (0)

බිරිඳගේ බොරු රංගනය සැමියාට හෙළිවී දත් දෙකක් කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1561 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site