කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
හැට හතර මායම්වලින් දෙකක් තුනක් පමණ විසිකර තෙල් පෝලිමේ සිටින අතරතුර බඩකට පිරෙන්න කා ඇතැම් අවස්ථාවල දී නොමිලයේ තෙල් ටික ද ගසා ගන්නා කාන්තාවක පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
ඇය හැඩකාරය, කටකාරය, මනබදින සුළුය. කතාව ද ළගන්නා සුළුය. ගමන යතුරු පැදියෙනි. තෙල් පෝලිමේ සිටින විට මෝරුන් හා කුලුපගවෙන්න ඇයට ගත වෙන්නේ සුළු වෙලාවකි.
ඒ කාලයෙන් ලොකුම මෝරා ළඟට කිට්ටුවන්නේ ඔහුට හිතා ගන්නවත් බැරි විදිහටය. පෝලිම දිගු නිසා ඔහු ඇයට පිපාසය සංසිඳවා ගැනීමට වෙළෙඳ සලකට ගොස් සිසිල් බීම ගෙනත් දෙන්නේය. අවස්ථාවේ හැටියට ඔහු බඩට වැටෙන කෙටි ආහාර ද ගෙනැවිත් දීමට අමතක නොකරන්නේය.
ඉන්ධන පිරවුම් පොළට යතුරු පැදිය ළංවන විට සමහර අවස්ථාවල දී ඇයගේ යතුරු පැදියට වදිනා ඉන්ධන ටිකට මුදල් ගෙවන්නේත් මෝරෙකි.
දුරකතන අංක හුවමාරු වුවත් ඇයට හසුවන මෝරුන්ට නම් කවදාවත්ම ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත නොහැකිව ඇත්තේ එය භාවිතයෙන් තොර එකක් යයි ප්‍රතිරාවය වීම නිසාලු.
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැට හතර මායමට රැවටී බයික් එකට තෙලුත් ගසා කන්නත් අරන් දීලා