IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තෙල් හොරා දැක්කාම ව්‍යාපාරිකයාට දෙලෝ රත්වෙලා

 කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
නිවසේ නතර කර තිබෙන රථ වාහනවල තෙල් අදින හොරා පොලිසියට අල්ලාදීමට ගොස් රෙදි ගලවා ගත් ව්‍යාපාරිකයකු  පිළිබඳව කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


ඔහු මධ්‍යම පන්තියේ ව්‍යාපාරිකයෙකි. මෝටර් රථයකට අමතරව යතුරුපැදි දෙකතුනක් ද ඔහුට තිබේ. තෙල් හිඟයක් ඇතත් ඔහුට නම් ප්‍රශ්නයක් නොවුවේ අතමිට තිබූ මුදල්වලට පින්සිදු වන්නටය.


ටැංකි පුරවා තිබෙන වාහනවල තෙල් හොරකම් කරන බවට ඔහුට දැනුණේ දින කිහිපයක සිටය. තෙල් හිඟ නිසා නවතා තිබෙන රථ වාහනවල තෙල් හොරකම් කර වැඩි මිලට විකුණන කල්ලි පිළිබඳව  ඔහුද දනුම්වත් වී සිටියේය. 


ඒ නිසාම සිය නිවෙසේ නවතා තිබෙන රථ වාහනවල තෙල් කවුරුන් හෝ හොරකම් කරනු ඇතැයි ඔහු සිතුවේය.
සිය වාහනවලින් තෙල් අදින හොරා අල්ලා ගැනීමට හේ පොලිසියේ පිහිට පැතීමට සිතා ගත්තේය .සී.සී.ටී.වී. කැමරා දර්ශන ඒ සඳහා සාක්ෂි ලෙස පොලිසියට ඉදිරිපත් කිරීමට ද ඔහුගේ සිහියට ආවේය.


තමන්ට සිය නිවෙසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවේ පටිගත කෙරුණු  දර්ශන බලා ගැනීමට නොදන්නා නිසා ඔහු ඒ සඳහා ආයතනයක සහාය ලබා ගත්තේය. නිලධාරියා බොහෝම  සීරුමාරුවට පටිගත කෙරුණු සී.සී.ටී.වී. දර්ශන නිරීක්ෂණය කළේ ඔහු ඉදිරිපිටය .


තමන් දැක පුරුදු අයකු බටයක් රැගෙන යතුරුපැදියකින් තෙල් අදිනු ඔහුට දැකගන්නට ලැබිණ. දර්ශන තව තවත් පැහැදිලි වන ආකාරයට බලමින් සිටියදී ඔහුට අනේ දෙවියනේ කියවුණේ ඉබේටමය. මොකද සර් තෙල් අදින්නේ දන්න කෙනෙක්ද නිලධාරියා ඇසුවේය.


මහත්තයා අනේ කාටවත් කියන්න එපා මම ඉල්ලන ගානක් දෙන්නම් තෙල් අදින්නේ කොල්ලන් එක්ක රංචුවට යන මගේ පුතා යයි ඔහු කීවේය.


දුරදිග බලන්නේ නැතිව පොලිසි ගියා නම් සර්ට මාර වැඩක් තමයි වෙන්නේ යැයි කියමින් එම නිලධාරියා ඔහු දුන්නු වැඩිපුර මුදලත් අතමිට මොලවාගෙන ගියද ඒ පිළිබඳව තවත් කිහිපදෙනකුගේම කනේ තබා තිබිණ. 

 



අදහස් (0)

තෙල් හොරා දැක්කාම ව්‍යාපාරිකයාට දෙලෝ රත්වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 66 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site