මොරගොල්ලාගම සිසිර කැලේගම
මංගල උත්සවයක දී හඳුනාගත් යහළුවකුට සමීප වූ කාන්තාවක ඔහු සතු වටිනා ජංගම දුරකතනය රැගෙන පලා ගිය පුවතක් තඹුත්තේගම නගරය අවට මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි.

මංගල උත්සවය හෝටලයක ජයටම පැවැත්විණි. මනාලයා හා මනාලිය දෙදෙනාම රාජ්‍ය සේවයේ නියැලෙන නිසා පවුලේ ඥාතීන්ට අමතරව දෙපාර්ශවයේ රාජ්‍ය සේවාවේ නියැලෙන පිරිස් ද එහි පැමිණ සිටියහ.
එහි රැඳී සිටින අතරවාරයේ දෙපාර්ශවයේ රාජ්‍ය සේවාවේ අය ද එතැන දී අලුතින් හඳුනා ගැණුනි.
එසේ හඳුනාගත් කාන්තා පිරිමි දෙදෙනෙක් ඉතා කුලුපඟව ඇසුරු කරමින් සිටියහ. දෙදෙනාගේ සමීපතාව අතරේ පිරිමියා එක් සිත්ගත් ස්ථානයක වාඩි විය.
පිංතුරයක් ගන්නා ලෙසට ඔහුගේ දුරකතනය හඳුනාගත් යෙහෙළියට දුන්නාය. ඇය එම කාර්යය නිසි ලෙසට කර දී එලෙස ගත් පිංතුරය ඇය ඔහුට පෙන්නුවාය. හරිම ලස්සනයි. ඔයාගේ පෝන් එකේ කැමරාව හරිම පැහැදිලියි. ඇය කීවේ තොදොල් වෙමිනි.
මේ අතර ඇය තරමක් දුරින් පිහිටි අලංකාර ස්ථානයක පිංතුරයක් ගැනීමට එය ඉල්ලා සිටියාය.
ඔහු එසැනින් එය ඇය අත තැබුවාය. ඇය එම ස්ථානයේ රැඳී පින්තූර ගන්නා අයුරු ද ඔහු බලා සිටියේය. එහෙත් තව විනාඩියක් දෙකක් ඇතුළත ඇය එක්වරම සෙනඟ අතරින් අතුරුදන් වූවාය.
ඔහු හා තවත් පිරිස් ඇය ගැන සොයා බැලුහ. ඇය කවුද? මොන රාජ්‍ය සේවයේ ද කිසිවෙකුත් ඇය ගැන තොරතුරු දන්නේ ද නැත.
ජංගම දුරකතනය නැත. ඇයත් නැත. ගෑනුන්ගේ මායම් හැට හතරට අසුවී දුරකතනය නැතිකර ගත් වග වටහා ගත් ඔහු තම ආරක්ෂාව වෙනුවෙන් ඒ සම්බන්ධව පැමිණිලි කිරීමට පොලීසියේ පිහිට පතා ගියේය.
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආල හැඟුම් දීලා පෝනයත් එක්කම මාරුවෙලා