‘‘කල දුටුකල වළ ඉහගැනීමට ගොස්” කුකුල් ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් කටුගස්තොට නගරාසන්න ගම්මානයකින් වාර්තා වේ.
වාර්තාවන අන්දමට සිදුවී ඇති සිද්ධිය මෙසේය. පවතින ආර්ථික අර්බුදය හමුවේ දිනෙන් දින ඉහළ යන ආහාර මිල නිසා ඉක්මනින් මුදලක් සොයාගැනීමට සිතූ අදාළ පුද්ගලයා ඒ සඳහා තම ඉලක්කය ලෙස තෝරාගෙන ඇත්තේ මේ දිනවල කිලෝව රුපියල් 1250 ක් පමණ වන කුකුල් මස් ව්‍යාපාරයට අත ගැසීමය.
ඒ පිළිබඳව දිවා රෑ කල්පනා කළ ඔහු ඊට පිවිසිය හැකි සරලම ක්‍රමය ලෙස තම නිවසට ආසන්න නිවසක ඇතිකරන කුකුල් ගොවිපළක කුකුලන් සොරාගෙන මස්කර අලෙවි කිරීමත් තම සැලසුම් අතර විය.
කල්යල් බැලූ ඔහු නිවැසියන් නොමැති දිවා කාලයක කුකුල් ගොවිපළට රිංගුවේ කුකුලන් හත් අට දෙනෙකු දමාගෙන යා හැකි ගෝනියක්ද අතැතිවය.
සියල්ල සැලසුම් කළ පරිදි කුකුලන් දෙතුන් දෙනෙකු රිසිසේ තම ගෝනියට දමා ගන්නවාත් සමඟ උරණවූ තවත් කුකුලන් කිහිප දෙනෙකු අනපේක්ෂිතව ඔහුට දැඩිසේ කොටමින් ප්‍රහාරයක් එල්ලකළේ තමන්ට උන්හිටි තැනද අමතක කරමිනි.
සිද්ධියෙන් වේදනාවට හා බියට පත් පුද්ගලයාගේ කෑ ගැසීමත් සමඟ ක්ෂණිකව රැස්වූ අවට ප්‍රදේශවාසීන් වදෙන් පොරෙන් ඔහු කුකුල් කොටුවෙන් එළියට ගෙන කිසිදු හිරිහැරයක් නොකොට නැවත නිරුපද්‍රිතව යෑමට සලස්වා ඇත්තේ ඒ වනවිටත් ඔහුට අවශ්‍ය දඬුවම් අදාළ කුකුල් කොටුව තුළදීම කුකුලන් විසින්ම ලබාදී තිබූ නිසාවෙන් බව වැඩිදුරටත් වාර්තා විය.
කටුගස්තොට ධම්මික ගුණවර්ධන
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කලට ඔබින වෙළෙඳාමකට ගිහින් මදි නොකියන්න කුකුල්ලු කොටලා