IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බිරිඳ සැමියාට දුන් ’’ලුණු ඇඹුල්’’ ඇමතුම මාරුවී ජරමරේ

මාස දෙකකින් නිවසට නොපැමිණි සැමියාට බිරිඳ ජංගම දුරකතනය ඔස්සේ ලුණු ඇඹුල් ඇතිව කළ දෝෂාරෝපණය වැරදි අංකයකට ගොස් තිබීමෙන් පසුදින එම දුරකතන අංකය හිමි හිතවතා සොයාගෙන ගොස් සමාව අයැදි කාන්තාවක් පිළිබඳ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.


ඇය තිස්තුන් හැවිරිදි දෙදරු මවකි. ගෘහණියකි. ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක සුළු රැකියාවක් කරයි. රැකියාවෙන් නිවාඩු ලද අවස්ථාවේ අදාළ වැටුපද රැගෙන නිවසට පැමිණීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දකි.


පසුගිය දිනවල රටේ පැවති අයහපත් තත්ත්වය නිසා ඔහුට හරි හැටි වැඩක් නොතිබූ අතර ගමට ඒමටද අපහසු විය. නිවසට මුදල් එවීමටද ක්‍රමයක් නැතිවිය. ඒ මාස දෙකක තරම් කාලයකි. ඒ නිසා ගෙදර අගහිඟකම් එන්න එන්නම වැඩිවිය.


මේ ගැන බිරිය සැමියාට නිතර පැවසුවත් ඉදිකිරීම් ආයතනයේ හිමිකරු මාසයකින් පමණ ආයතනයට නොපැමිණීම හේතුවෙන් සේවයේ නියුතු වූවන්ට අදාළ වැටුප පවා ගැනීමට නොහැකි විය. මේ තත්ත්වය බිරිය කතා කරන හැම මොහොතකම පැවසුවත් ඇයගේ ගැටලුවට විසඳුමක් නොවීය.


මෙදින උදේ ඇය තම සැමියාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තේ කෙසේ හෝ මුදල් රැගෙන නිවසට පැමිණෙන ලෙස දැනුම් දීමටය. එම ඇමතුමට පිළිතුරු දුන් සැමියාගෙන් ලැබුණු ප්‍රතිචාරයෙන් ඇය යක්ෂාරූඩ වූවාය. “ආ නංගියා කොහොමද සනීපෙන් ඉන්නවාද? ගොඩ කාලෙකින් මොකද මාව මතක් වුණේ.” ඒ සමඟම ඇයගේ මුවින් කිසිදා පිට නොවන වචන මාලාවක් පිටවිය. එය කෙනෙකුට අසා සිටීමට තරම් නොහැකිය. ඇයගේ වදන් වැලට අනෙක් පසින් පිළිතුරක් ලැබුණේ “අනේ නංගියෝ උඹ කාටද ඔය බැන වදින්නේ මම අහවලානේ. උඹේ මහත්තයාට බණින බැණුම් මට බැණලා හරියනවාද”? කියා විමසුවේ ඇයගේ බැණුම නිමා වීමත් සමගය.


එම කතාවෙන් ඇයට උන් හිටිතැන් අමතක විය. තමන් තම සැමියාට යැයි සිතා වැරදීමකින් අමතා ඇත්තේ ඔවුන්ගේ පවුලේ ඥාතියකුටය. “අනේ අයියේ මට සමාවෙන්න. මම මේ ඇමතුම ගත්තේ මගේ මහත්තයාට. එයා මාස දෙකකින් ගෙදර ආවේත් නෑ. සල්ලි එව්වෙත් නෑ. අනේ ඒකයි මේ ටිකක් සැරට කතා කළේ. අනේ අයියේ වරදක් වුණා නම් සමාවෙන්න.” යැයි කියා ඇය දුරකතනය විසන්ධි කර සිදුවූයේ කුමක් දැයි කල්පනා කරන්නට වූවාය.


ඇයට කාරණය අවබෝධ විය. තම ජංගම දුරකතනයේ සැමියා යන්න හස්බන්ඩ් යනුවෙන් ඉංග්‍රීසියෙන් සටහන් කර ඇති අතර ඔහුගේ ඥාතියාගේ නම ඉංග්‍රීසියෙන් සටහන් කර තිබේ. සැමියාට යැයි කලබලයෙන් තමන් හස්බන්ඩ් යන ඇමතුම කියා තමන් රැගෙන ඇත්තේ ඔහුට බව වැටුහුණි.


මෙම කතාවෙන් ඇය දැඩි සේ පීඩාවට පත්වූවාය. අයියා හමුවෙලා මේකට සමාවගන්න ඕනෑ. නැතිනම් අපිත් එක්ක එයා තරහ වේවි යැයි ඉටා ගත් ඇය පසු දිනම ඔහුගේ නිවසට ගොස් තමන් අතින් සිදුවූ වරදට සමාව දෙන ලෙස ඉල්ලා සිටියාය.

හසලක සුනිල් ඒකනායක



අදහස් (0)

බිරිඳ සැමියාට දුන් ’’ලුණු ඇඹුල්’’ ඇමතුම මාරුවී ජරමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 711 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17905 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site