IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කසිප්පු කෙරුමා දැක්කාම පොලිසියටත් හීන් දාඩිය දාලා

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
කසිප්පු විකිණීම සම්බන්ධයෙන් මාරුවෙන් මාරුවට සැමියා, බිරිය හා මාමා පොලිසිය වෙත රැගෙන ආ පුවතක් බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


ඔහු ප්‍රදේශයේ කසිප්පු ජාවාරම ජයටම සිදු කරගෙන යන්නෙකි. ගඟේ වතුර අඩු වුණත් ඔහු ළඟ කසිප්පු අඩු නොවන බව ගම්වාසීහු පවසති. ඔහු ඉතා සූක්ෂම ලෙස කසිප්පු ව්‍යාපාරය සිදු කරගෙන යන අතර අවස්ථා කිහිපයකදී අල්ලා ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වී තිබේ. 


පොලිසියට ගම්වාසීන්ගෙන් දිගින් දිගටම ලැබුණු දුරකතන ඇමතුම් මත දක්ෂ නිලධාරීන් කිහිප දෙනකු ඔහු අල්ලා ගැනීමට ගොස් ඇති අතර ඔහුගෙන් කසිප්පු පානය කර පැමිණි පුද්ගලයකු පළමුව අල්ලාගෙන ඔහු සමඟ ගොස් කසිප්පු සමඟ ජාවාරම්කරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.


ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ දාමා නඩුව ලියන්නටත් කලින් යළි ගම්වාසීන් පවසා ඇත්තේ නැවතත් කසිප්පු අලෙවි කෙරෙන බවය. නැවත එම නිලධාරීන් ඔහුගේ නිවසට යාමේදී ඔහුගේ බිරිය කසිප්පු අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. 
ඇය රැගෙන එන අතරතුර තවත් පුද්ගලයකු කසිප්පු විකිණීම සිදු කළ නිවෙස වෙත යමින් සිටියදී එය දුටු ගම්වැසියකු ‘සර්, ඔය යන්නෙත් කසිප්පු ගන්න’ යැයි පොලිසියේ නිලධාරියාට පැවැසීය.


පොලිස් නිලධාරියා අන්දුන් කුන්දුන් වී ගියේය.  ‘දැන් දෙන්නම ඇල්ලු‍වනේ. ඉන්නේ ඇවිදගන්න බැරි වයසක කෙනෙක්නේ’ යැයි පැවසීය. ‘පොලිසිය දැක්කම විතරයි ඔය ආබාධ. එයා තමයි මේක හොඳටම කරන්නේ’ යැයි ගම්වැසියා පොලිස් නිලධාරියාට හීන් සැරේ කීවේය.


පසුව වෙනත් තැනක සඟවා තිබූ තවත් කසිප්පු තොගයක් සමඟ මාමා ද පොලිස් අත්අඩංගුවට පත් විය.
 පොලිසිය ඔහුට පවසා ඇත්තේ ‘තව ටිකකින් ඔහෙලගේ ගෙදර බල්ලත් කසිප්පු එක්ක ගේන්න වෙයිද දන්නේ නැහැ’ යනුවෙනි.



අදහස් (0)

කසිප්පු කෙරුමා දැක්කාම පොලිසියටත් හීන් දාඩිය දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site