උපායෙන් අපායේ නොවැටී ගමරට බලා පැමිණි පුංචි මන්ත්‍රී කෙනෙකු ගැන පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
සිය සගයන් එකා දෙන්නා බේරේ වැවට වැටෙනා සැටි සියැසින් ඔහු දුටුවේ යට ඇඳුමද තෙත් කරගෙනය. මන්ත්‍රී ඇඳුමත් මන්ත්‍රී හැඳුනුම්පතත් ඇති තමාට දැන් දැන් බේරේ වැවට සම්ප්‍රාප්ත වෙන්න ලැබේ යයි ඔහු ගැහි ගැහී සිටියේය.
කොහොම හරි හේ අස්සකට රිංගාගෙන සැඟව සිටියේය. එතනින් පැන ගැනීම සඳහා ඔහු දස අතේ කල්පනා කළේය. කදිම අදහසක් ඔහුට එන්නේ මේ අතරේය.
ඔහු සැඟවී සිටි තැනට කුරුඳු මිටි කිහිපයක් පටවා ගත් වෑන් රථයක් නතර වන්නේ ඔය අතරේදිය. තමාගේ මන්ත්‍රී ඇඳුම් හා මන්ත්‍රී හැඳුනුම්පත් කුරුඳු මිටි අස්සට යන්නේ වෑන් රථයේ ආ තැනැත්තා දුන් සරමයි කමිසයටයි මාරුවෙමිනි. ඔහු ගෙනා බුලත් විටද කෑවේ නියම කුරුඳු මුදලාලි කෙනෙකුගේ පෙනුම ගැනීමටය.
තමා එදා අපායේ නොවැටී උපායෙන් බේරී ආ හැටි මේ ඊයේ පෙරේදා ඔහු කීවේ එදා සිද්ධිය මතක් වනවිට පිපුණු හිරිගඩුද අපිට පෙන්වමිනි.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පුංචි මන්ත්‍රී බේරේ නොවැටී උපායෙන් බේරිලා