වී ගෝනි සහ කුරුඳු දර තොගය ලේලියගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඒ අසල ඇඳක් තබා නිදාගත් යුවළක කාන්තාවට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
ගුරු වෘත්තියේ නියැළීමෙන් අනතුරුව විශ්‍රාම දිවියක් ගත කරන යුවළක් වන ඔවුන් දෙදෙනා සුවිසාල තෙමහල් නිවසක හුදකලාව ජීවත්වෙති. පුතුන් දෙදෙනකු පමණක් සිටින මෙම යුවළ විශාල දේපළකටද හිමිකම් කියති. වැඩිමහල් පුතා සෙල්ලක්කාර ජීවිතයක් ගතකරමින් දරුමල්ලන් සමග අගනුවර ප්‍රදේශයේ ජීවත්වන අතර අනෙකා මවුපියන් පදිංචි නිවසට යාබදව කුඩා නිවසක් තනාගෙන ජීවත්වෙති. විධායක ශ්‍රේණියේ රැකියාවක නියැළෙන එම පුතා හිතුවක්කාර විවාහයක් කරගෙන ඇති බැවින් නැන්දම්මා සහ ලේලිය නිතර නිතර කෙස්වලු පටලවා ගැනීම සිදුවිය.
කුඹුරුවලින් ලබාගන්නා වී අස්වනු ගෝනිවල දමා කුස්සි කාමරයේ ගොඩගසා ඇති අතර කුරුඳු තැලීමෙන් ලැබෙන කුරුඳු කෝටුද එම කාමරයේම කොටසක පිළිවෙළට තබා ඇත. දෙමහල්ලන් දෙදෙනා නිවසේ නොමැති අවස්ථාවල ලේලිය පැමිණ මිදුලේ තිබූ කුරුඳු දර රැගෙන යන අතර එය නැන්දම්මාට නොරුස්සන කාර්යයක් විය. එම නිසා දර ටිකද කාමරයේම තැබීමට දෙදෙනා කටයුතු කළහ. ගෝනිවල ඇති වී මීයන් විසින් විනාශ කිරීම වියපත් යුවළට කරදරයක් වූ නිසා සැමියා මී කතුරක් රැගෙනවිත් වී ගෝනි අසල තැබීම දිනපතාම සිදුකළේය.
සැමියා සිය බිරිඳ පමණක් නිවසේ සිටියදී යහළුවන් කිහිපදෙනකු සමග දුර ගමනක් ගොස් ඇති අතර මී කතුරද අටවා වී ගෝනි ටික අසලින් තබා යෑමට ඔහු අමතක නොකළේය. බිරිඳ තනිවම වී ගෝනි අසල තබා ඇති ඇඳේ නින්දේ සිටින විට ඇසුණු ශබ්දයක් නිසා හදිසියේම අවදි වී කළුවරේම වී ගෝනි ටික අතගා බැලුවාය. එක්වරම දකුණු අතේ ඇඟිලි ටික මී කතුරට අසුවීම නිසා බියට පත් ඇය සර්පයකු කෑවා යැයි විලාප තැබුවාය. අසල්වාසීන් කිහිපදෙනකු සහ යාබද නිවසේ සිටින පුතා පැමිණ දොර කඩා නිවසට ඇතුළු වී මව සොයමින් නිවස පුරා සෝදිසි කළහ.
විදුලිය කප්පාදුකර ඇති අවස්ථාවක් නිසා විදුලි පන්දම් ආලෝකයෙන් මව සොයා ගැනීමට හැකිවූයේ කුස්සි කාමරයේ ඇඳ ළඟ වැටි සිටියදීය. වී සහ කුරුඳු දර ඇති ස්ථානයේ ඇති ඇඳේ නිදාසිටියදී මී කතුරට අත හසුවී ඇති බව පිරිසට අවබෝධ කරගැනීමට වැඩි කාලයක් ගත නොවීය.
රාත්‍රී කාලයේම මව රෝහල් ගත කළ අතර ලේලිය සිද්ධිය තවත් රසකරමින් අසල්වාසීන් සමග පැවසීම නිසා එය ගම පුරා පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය. රෝහලින් පිටව පැමිණි නැන්දණිය සිය සහෝදරියකගේ නිවසේ සති කිහිපයක් ගතකර නිවසට පැමිණි අතර සර්පයා ගැන විමසා නිවසේ දුරකතනයට ඇමතුම් ගලා ඒම නිසා දුරකතනය ගලවා ඉවත්කර ඇති බවද පැවසේ.
හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලේලිගෙන් වී ගෝනි බේරාගන්න ගිය නැන්දම්මාට සර්ප බියක් ඇතිවෙලා