වියලුව වාර්තාකරු
අනියම් පෙමක පැටලී සිටි සිය දියණියගේ පැත්ත ගත් පියෙකු බෑනාට පහර දී දියණිය ආපසු සිය නිවස වෙත කැඳවාගෙන ගිය බව කියවෙන පුවතක් කන්දකැටිය පොලිසියෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
ඔහු වියලුව ප්‍රදේශයේ ගම්මානයක තරුණයෙකි. ගොවි මහතෙකි. ඇය ප්‍රදේශයට බොහෝ දුර බැහැරින් පිහිටි නගරබද ප්‍රදේශයක තරුණියකි. වසර ගණනක් ඔවුන් අතර පැවති පෙම් සබඳතාව අවසන් වූයේ දෙපාර්ශවයේ ඥාතීන්ගේ ආශිර්වාද මැද සිදුකෙරුණු විවාහයකිනි.
අග හිඟ කම් කොතෙක් තිබුණද වසර කීපයක් තිස්සේ එකිනෙකාට ආදරයෙන් ගෙවුණු විවාහ දිවිය දෙදරා යන්නට පටන් ගත්තේ ඔවුන් දෙදෙනා අතරට තෙවන පාර්ශවකරුවකු පැමිණීමෙනි.
තම සුරූපී බිරිය සම්බන්ධයෙන් පැතිර ගිය කට කතා එතරම් හොඳ නොවූවත් සිද්ධිය අතට අසු වන තුරුම ඔහු නිහඬව සිටියේ රට්ටු කියන කතා එතරම් ගණන් ගත යුතු නැතැයි තමාටම කියා ගනිමිනි.
පසුගිය දිනෙක ඔහු සිය කුඹුරට ගියේ එහි ගොවිතැන් කටයුතුවල තත්ත්වය දැක බලා ගන්නටය.
සිය දුරකථනය අමතකව ගිය ඔහු යළි පැමිණියේ එය රැගෙන නැවත කුඹුරට යාමටය.
මුළුමනින්ම ආරෝපණය කර තිබූ (චාර්ජ්) දුරකතනය ඒ වන විටත් අක්‍රියව තිබීම නිසා ඔහුට සැකයක් ඇතිවිය.
දුරකතනය පරීක්ෂා කරද්දී ඔහුට දැක ගන්නට ලැබුණේ පණිවිඩ හුවමාරු සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ ඇය කිසිවකු සමග බොහෝ වේලාවක් කතා කර තිබූ බවකි.
සැකය තහවුරු කරගෙන ඒ පිළිබඳව සිය බිරියගෙන් විමසූ ඔහුට ඇයගෙන් අසන්නට ලැබුණේ මහා ගෝරනාඩුවකි.
එතෙකින් නොනැවතුණු ඇය සිය පියාටද ඇමැතුමක් දී සිද්ධිය කියා සිටියේ කඳුළු වගුරුවමිනි.
හෝරා කීපයක් ගතවෙද්දී තවත් පිරිසක් ද සමග නිවසට පැමිණි ඇයගේ පියා සිය බෑණාට හොඳ හැටි පහරදී දියණියත් රැගෙන ආපසු ගියේ ඔවුන්ගේ ආදර කැදැල්ල ආරක්ෂා කර දීම වෙනුවට එය කඩා ඉහිරවමිනි.
අවසානයේ අසරණ වූ තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් කළේ තමුන්ගේ මතු ආරක්ෂාව වෙනුවෙනි.
2025 නොවැම්බර් මස 04
66
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුවගේ අනියම් පෙමට මැදිවුණ තාත්තා බෑනාට තඩිබාලා