IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බසයට නැග්ග අක්ක මලෝ දෙන්නාට කොන්දොස්තර පෙම් අසුන පෙන්වලා

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
බස් රථයේ ඉදිරි අසුනේ ගමන් කළ අක්කාටත් මල්ලීටත් පිටුපස කෙළවර පිහිටි පෙම්වතුන්ගේ අසුනට යන ලෙසට දැනුම් දුන් බස් කොන්දොස්තරවරයකුගේ අවිචාරවත් ක්‍රියාකලාපය නිසා ඔවුන් පීඩාවට පත් වූ පුවතක් පිළිබඳව පසුගියදා යක්කල ප්‍රදේශයේදී දැනගන්නට ලැබිණි. 


මේ සිද්ධිය වී ඇත්තේ නිට්ටඹුව හා ගම්පහ නගර අතර ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයකය. කොළඹ මහනුවර මහා මාර්ගයට නුදුරු ගම් පියසක වෙසෙන යොවුන් වියේ පසුවන අක්කණ්ඩිය තමන්ගේ බාල සොහොයුරා සමඟ යක්කල නගරයට යාමට මෙම බස් රථයට ගොඩ වූ වාය. 


මේ දෙන්නා බස් රියේ ඉදිරි පෙළ අසුනක වාඩිවී සිටියදී කොන්දොස්තරවරයා ඔවුන් අසලට පැමිණ පිටි පස්සේ සීට් එකේ ජෝඩුව ඉස්සරහ බහිනවා. ඔයාලට එතැනට යන්න පුළුවන් යැයි පැවසීමත් සමඟ සහෝදරයා හා සහෝදරිය පුදුමයට පත්වී ඇත. 


මේ ප්‍රකාශයත් සමඟ මල්ලී කේන්තියට පත් වූ බව තේරුම්ගත් අක්කා වහාම ඊළඟ නැවතුමෙන් බැස වෙනත් බසයකින් යක්කල නගරය කරා ගමන් කර ඇත්තේ කොන්දොස්තරවරයා වත්මන් පරපුර දෙස බලන කෝණය පිළිබඳව ඇතිවූ පිළිකුල සමඟය. මෙවැනි කොන්දොස්තරවරුන්ගේ හැදියාව නිසා විලිබිය ඇති දරුවන්ට බස් රියකවත් ගමන් කිරීමේ අවස්ථාව නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි මේ සම්බන්ධව අදහස් පළ කළ වැඩිහිටියෙක් සඳහන් කළේය.  



අදහස් (0)

බසයට නැග්ග අක්ක මලෝ දෙන්නාට කොන්දොස්තර පෙම් අසුන පෙන්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 711 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17905 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site