IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රේක්කයෙන් 90 ක් කඩාගන්න ගිහින් අතේ මාට්ටු වෙලා

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
රුපියල් තුන්සියයකට මිල නියම කර තිබූ රේක්කය රුපියල් අනූවක් වැඩියෙන් මිල වැඩි කර විකිණීමට ගත් උත්සාහයක් කළගෙඩිහේනට නුදුරු ගමකින් වාර්තා විය.


එය කාන්තාවක විසින් කුඩා පරිමාණයෙන් පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි හලකි. වර්තමානයේ වගා කරන්නැයි නොයෙක් මාධ්‍යවලින් කළ දැනුවත් කිරීම නිසා එම ප්‍රදේශයේ තාත්තකු හා පුතකු එම කඩයට ගියේ රේක්කයක් මිල දී ගැනීමේ අටියෙනි. 


රේක්කයක මිල රුපියල් 300ක් බව ඔවුහු පෙරදින එම අලෙවිහලෙන් රේක්කයක් මිලදී ගත් පුද්ගලයකුගෙන් දැන ගෙන සිටියහ.
රේක්කයක් දෙන්නැයි කළ ඉල්ලීමට අනුව කඩයේ ඇතුළට පෑනක් ද රැගෙන ගියාය. 


රේක්කය රැගෙන ඒමට ප්‍රමාදවීම නිසා රේක්කය මිල දී ගැනීමට ආ පුද්ගලයා කඩය ඇතුළට ගොස් විපරම් කරද්දී එම කාන්තාව රේක්කයක් අතේ තබාගෙන පෑනකින් කිසියම් දෙයක් ලියනු දැක රේක්කයක් කීයදැයි විමසීය. 


රේක්කයේ මිල වෙනස්කරනු දුටු බව වෙළෙඳහල් හිමි කාන්තාවට දැනීම නිසා තරමක් තැති ගෙන ගොත ගසමින් රුපියල් 390ක් යැයි කීවාය.


ගනු දෙනුව එතැනින් නැවතූ පාරිභෝගිකයා පුතුත් සමග  වෙළෙඳහලෙන් පිටව ගියේ දොස් නගමිනි.



අදහස් (0)

රේක්කයෙන් 90 ක් කඩාගන්න ගිහින් අතේ මාට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site