IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තෙල් පෝලිමේ කතාවට ගිහින් පාසලේ උන් දරුවා අමතක වෙලා

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
තෙල් පෝලිමේ කතාවට හසුවී පාසලට දැමූ දරුවා පිළිබඳ මතකය අමතක වී අලි ජංජාලයකට මුහුණදීමට සිදුවූ මවක පිළිබඳ අපූරු පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ.


නව පාසල් වාරය ආරම්භ කළේ ඉකුත් 6 වැනිදාය. සැමියා විදේශගතව සිටින ඇය නගරයේ පාසලට දරුවා රැගෙන ගියේ යතුරු පැදියෙනි. පාසල ඇරීමට බොහෝ වේලාවක් තිබූ බැවින් ඇය නගරයේ පිරවුම්පොළට ගියේ යතුරුපැදියට අවැසි ඉන්ධන පුරවා හැනීමටය. පෝලිම දිගය. සිය යතුරුපැදියේ ඉන්ධන හිඟය. ඒ නිසාම ඇය ඉන්ධන පෝලිමට එකතුවූවාය.


තමාටම ගැලපෙන පිරිසක් එතනදී ඇයට හමුවිය. මාතෘකාව රටේ දේශපාලන වාතාවරණයය. කාලය ඇයටත් නොදැනීම ගෙවී යමින් තිබිණ. මේ කයිවාරුවට තව තවත් අය හවුල්වූහ. තමන් දන්නා දේශපාලන තර්ක විතර්ක හමුවේ මේ කතාව දුරට ඇදී ගියේ තෙල් පෝලිමද දිගු එකක් වීමෙනි.


පාසලට ඇරලූ දියණිය ගැන මතකයට එනවිට ඇය පැයක් දෙකක් පරක්කුවෙලාය. ඇයට දවල් තරු පෙනුණි. සිය ගමන් මල්ලෙන් ජංගම දුරකතනය රැගෙන බැලු‍වේ දුව ගන්න යෙහෙළියකවත් ඇමැතුමක් නොදුන්නෙ ඇයිද යන්න සොයා බැලීමටය. එයද ක්‍රියා විරහිතව තිබුණේ එහි බැටරි බැස ඇති නිසාය.


ඉන්ධන ලබා ගැනීම කෙසේවෙතත් ඇය හනිකට ගියේ පාසල ළඟටය. දියණිය තියා පාසල ඉදිරිපිට කවුරුත් දකින්න නොලැබුණු නිසා ඇයට දෙවියන් බුදුන් සිහිවූයේ අද කාලයේ දියණියන්ට වනදේ අසා ඇති බැවිනි.


පාසල් මුරකරු කීවේ දැරියක අම්ම නැහැ කිය කියා අඬ අඬා සිටිනා විටදී ගුරුදෙගුරුන් එකතුවී ඇය ත්‍රිරෝද රථයකින් නිවෙසට ඇරලූ බවය.


මවට දුරකතන ඇමතුම් දුන්නත් එය වැඩ කළේ නැත්තේ හොර ගමනක් ගිය බව දියණියට උපකාර සඳහා ඉදිරිපත් වූ අය කීවායැයි පාසල් මුරකරු කීවිට ඇයට රට ඉන්න සැමියා හා සැමියාගේ සනුහරේ අය මතක්වූයේ දැන් ඉතින් ගමේ රටේ ඉඳලා හමාරයි යන්නද මතක්වෙමිනි.

 



අදහස් (0)

තෙල් පෝලිමේ කතාවට ගිහින් පාසලේ උන් දරුවා අමතක වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 711 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17905 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site