IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පියන්ට බයවෙලා: ලොක්කා මාරුවෙලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ලොක්කා වගේ වැඩ පෙන්වමින් සිටි කාර්යාල  ලොක්කා දඬුවම් මාරුවක් ලබා පොඩ්ඩකු පැමිණීමත් සමගම වහාම ස්ථාන මාරුවක් ලබා ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


ආයතනයේම නොවුණත් එහි එක් අංශයක ලොක්කා ඔහුය. කා සමගවත් වැඩි ඇයිහොඳයියක් තිබුණේම නැත. තමා උගත් වංශවත් පෙළපතකින් එන්නකු බව කතාවෙන් මෙන්ම ක්‍රියාවෙනුත් තමා යටතේ ඉන්නා සේවකයන්ට පෙන්වීමට නිතරම උත්සාහ කළේය.
අහංකාරකම ඉහටත් උඩිනි. කාර්යාලයේ සිටියේ හැමදෙනාම පාහේ යටකරගෙනය. එහි ලොක්කා තමා බව සෑමවිටම පෙන්වීමට නිරන්තරයෙන්ම කටයුතු කළේය.


දුර බැහැර ප්‍රදේශයකින් කාර්යාල කාර්ය සහායකයකු මේ කාර්යාලයට මාරුවක් ලබා එන්නේ ඔය අතරය. ඒ ඔහු කර ඇති කාර්යාලයීය වරදකට දඬුවමක් ලෙසය.


කා සමගවත් හිතවත් කමක් නොතිබූ මේ ලොක්කා ඔහු ආදා පටන්ම දැඩි හිතවත්කමකින් කටයුතු කළේය. ඔහුට පමණක් විශේෂ වරප්‍රසාද ලබා දුන්නේය. කාර්යාල සේවකයන්ට මෙය මහත් ප්‍රහේලිකාවක් වුවද ඒ සම්බන්ධයෙන් කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.


ගතවූයේ සතියකි. ලොක්කා හදිසියේම ස්ථාන මාරුවක් ලබා ගොස්ය. ඔහු අලු‍තින් ආ කාර්යාල කාර්ය සහයකයාටවත් නොදන්වා  මෙසේ ස්ථාන මාරුවී ගියේය.


‘‘හා මම දන්නවා ලොක්ක මාරුවී ගිය හේතුව යයි ඔහු කීය. මිනිහා අපේ ගමේ කෙනෙක්. එයාගේ කැරැට්ටුව හා පැටිකිරිය මම හොඳටම දන්නවා. ඒක මගෙන් ආරංචි වේවි කියලා හිතලා තමයි යන්න ඇත්තේ’’ යයි කාර්යාල කාර්ය සහායකයා කී විට කාර්යාලයේ සැමදෙන මුහුණට මුහුණ බලා ගත්හ.

 



අදහස් (0)

පියන්ට බයවෙලා: ලොක්කා මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site